කොරෝනා පාලනයට ඉරානය සිරකරුවෝ නිදහස් කරයි

Picture of අසංක

අසංක

කොරෝනා වයිරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සිරකරුවන් 85,000දෙනෙකු තාවකාලිකව නිදහස් කිරීමට ඉරානය තීරණය කර ඇත.


මුදාහැරීමට නියමිත සිරකරුවන්ගෙන් බහුතරය, ආරක්ෂාව සම්බන්ධව බන්ධනාගාර ගතකර සිටින අය බවටද වාර්තාවේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර සිටින්නේ , ඉරානයේ ජනාකීර්ණ පෙදෙස්වලට සහ බන්ධනාගාරවල පිරිසට දැනටමත් වයිරසය ආසාදනය වී ඇති බවය.

වයිරසය ඉරානයේ 14,991 දෙනෙකුට ආසාදනය වී ඇති අතර, 853 දෙනෙකු මියගොසිනි.