නවතම පුවත්

Youtube බලාගෙන සහරාන්ලා වගේ බෝම්බ හැදු 11ක් අත්අඩංගුවට

අසංක

අසංක

සහරාන්ලා මෙන් බෝම්බ නිෂ්පාදනය කළ හැකිය යන්න අත්හදා බලමින් ඉතා සුක්ෂම ලෙස බෝම්බ සහ බෝම්බ උපාංග නිපදවා අත්හදා බැලීම්වල නිරතව සිටි උතුරේ තරුණ කණ්ඩායමක් කොටු කර ගැනීමට යුද හමුදා බුද්ධි අංශය පසුගිය සති දෙකක කාලය තුළ සමත් වී තිබේ.


යාපනයේ සහ කිලිනොච්චියේ අදාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධව සිටි තරුණයන් 11 දෙනෙකු පසුගිය සති දෙකක කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති බව උතුරේ ආරක්ෂක ආරංචි මාර්ග සදහන් කරයි.


අදාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධව සිටි ජර්මානු ගමන් බලපත්‍රයකින් මෙරට රැදී සිටි ශ්‍රි ලංකාවේ උපත ලැබුවෙකුද මඩකළපුවේදී අත්අඩංගුවට ගෙන තිබේ. මැලේසියාව ඇතුළු රටවල සිට ක්‍රියාත්මක වෙමින් මෙම තරුණයන්ට මුදල් ලබා දී අදාල අත්හදා බැලීම්වලට තරුණයන් යොමු කර ඇති බව මුලික විමර්ශනවලදී පෙනී ගොස් ඇත.


සැකකරුවන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට භාර දී ඇති අතර ඉදිරි පරීක්ෂණ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් මෙහෙයවයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්