පැතුම් වික්‍රමරත්න
අහඹු ඇන්ටිජන් පරීක්ෂණ සිදුකිරීමේ වැඩපිළිවළට ජනතා සහය නොලැබුණහොත් ඉදිරියේදී කොරෝනා ව්‍යාප්තිය බරපතල තත්වයකට පත්වනු ඇති බව මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අවධාරණය කර සිටී
මෙම පර්යේෂණයන් ප්‍රතික්ෂේප කරන පුද්ගලයින් ඒ හරහා තමන් මෙන්ම සමාජය ද අනතුරේ දමන බව ඒ මහතා මාධ්‍ය වෙත සඳහන් කර ඇත …
බස්නාහිර පළාතෙන් පිටවන පුද්ගලයින්ට මේ දිනවල දිගින් දිගටම රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සිදු කෙරෙන බවත් වෛරසය පිට පළාත්වලට ව්‍යාප්තවීම වැලැක්වීම සඳහා එම පරීක්ෂාවන්ට සහය වන ලෙස තමා ජනතාවගෙන් ඉලා සිටින බවත් ඔහු මෙහිදී සඳහන් කර ඇත.