නවතම පුවත්

කොරෝනා රෝගීන්ට සුව පතා කළ දේවමෙහෙයෙන් පසු පාප්වහන්සේ අසනීප වෙයි

අසංක

අසංක

නව කොරෝනා වෛරසයෙන් පිඩා විදින ජනතාවට සහයෝගය පළ කරමින් පැවැත්වූ ආශිර්වාද දේව මෙහෙයකින් පසු ඇති උතුම් ෆ්රැන්සීස් ශුද්ධෝත්තම පාප්වහන්සේ සුළු අසනීප තත්වයකින් පෙලෙන බවට ජාත්‍යන්තර මාධ්‍ය තොරතුරු වාර්තා කර සිටී.


ඇතිව තිබෙන මෙම අසනීප තත්ත්වයක් හේතුවෙන් අති උතුම් ෆ්රැන්සීස් ශුද්ධෝත්තම පාප්වහන්සේ අද දිනයේදී රෝමයේ පැවැත්වීමට සුදානම් කර තිබු දේව මෙහෙයට සහභාගී නොවූ බවද වාර්තා වේ.

උන්වහන්සේ ඉකුත්දා බැසිලිකාවේ සාන්ත පීතර චතුරශ්‍රයට රැස්ව සිටි ජනතාවට ප්‍රකාශ කර සිටි අතර ඉන් නොනැවතුනු උන්වහන්සේ ජනතාව අතරට යමින් ඔවුන්ට ආශිර්වාද කරමින් සහ හිස සිප ගනු ලැබීය.

එම දිනයට පසුදින ශුද්ධෝත්තම පියතුමන් අළු බදාදා දින දේව මෙහෙයට සහභාගීවූ අතර එහිදී උන්වහන්සේ යම් අසනීප තත්ත්වයකින් පෙලෙන අයුරු පෙන්නුම් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේය .

මේ වන විට ඉතාලිය ඇතුළු යුරෝපයේ රටවල් ගණනාවක නව කොරෝනා ආසාධිත රෝගීන් හමුවී තිබෙන අතර ශුද්ධෝත්තම පියතුමන් කිසිදු ආරක්‍ෂිත ආවරණයක් නොපැළද ජනතාව අතරට ගොස් ඔවුන් සමග සිටීමෙන් අනතුරුව රෝග ලක්ෂණ පෙන්නුම් කිරිම සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය අවධානය යොමු කර ඇත..

මේ අතර ශුද්ධෝත්තම පියතුමන් සිය දෛනික කටයුතු සිදුකරමින් සිටින බවත් වතිකානු දේව මන්දිරයෙන් පිටත සංචාරය කිරිමට බලාපොරොත්තුවක් නොමැති බවත් උන්වහන්සේගේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර ඇත.

කෙසේ වුවත් උන්වහන්සේගේ අසනීප තත්ත්වය ගැන මේ දක්වා කිසිදු නිල ප්‍රකාශයක් වතිකානුව විසින් සිදුකර නොමැත

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා