නවතම පුවත්

කොරෝනා රෝගීන් ඉන්න රෝහල්වලට හමුදාව-පොලීසිය යොදවා දැඩි ආරක්ෂාවක්

අසංක

අසංක

කොවිඩ්-19 ආසාදිතයින් ප්‍රතිකාර ලබන රෝහල්වල ආරක්ෂාව තර කිරීමට යුද හමුදාව සහ පොලීසිය එක්ව විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා කියා සිටියේමත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ කොරෝනා ආසාදිතයෙකු පසුගිය දා IDH  රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී පළායාමේ සිද්ධියත් සමඟ මෙම පියවර ගත් බවයි.

මිරිහාන ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරී කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව සඳහන් කළේ ය.

එහිදී අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරය මෙම කරුණු ඉදිරිපත් කළේය.

“දැනට බොහෝ රෝහල්වල පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් මාර්ගයෙන් තමයි රෝහල් ආරක්ෂා කරල තියෙන්නෙ. ඊට අමතරව එම රෝහල්වලට එම ආරක්ෂක නිලධාරීන් සමඟ සම්බන්ධීකරනය වෙමින්කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය සහ යුද හමුදාවේ ආරක්ෂාව ලබාදී තිබෙනවා.

ඒ අනුව IDH රෝහලේ ආරක්ෂක නිලධාරීන් ඒකාබද්ධව ශ්‍රි ලංකා පොලිසිය සහ හමුදාව ඒකාබද්ධ ව නිලධාරීන් 39 දෙනෙකුගේ පමණ ආරක්ෂාව යොදවා තිබෙනවා. ඊට අමතරව වැලිකන්ද රෝහලේ යුද හමුදා නිලධාරීන් සහ පොලිස් නිළධාරීන් ඇතුළුව නිලධාරීන් 48 පමණ ආරක්ෂාවක් යොදවා තිබෙනවා. මුල්ලේරියාව මූලික රෝහලේ ආරක්ෂක නිලධාරීන් සමග ඒකාබද්ධ පොලිස් නිලධාරීන් ආරක්ෂාව යොදවා තිබෙනවා. මීගමුව රෝහලේ පොලිස් නිලධාරීන්ට අමතරව ගුවන් හමුදා නිලධාරීන් ආරක්ෂාව සඳහා යොදවා තිබෙනවා.” යැයි පැවසීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්