කොරෝනා වසංගතය හේතුවෙන් මෙරට 12000 කට අධික පිරිසකගේ රැකියා අහිමිවී ඇති බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී අද (4) පැවසීය.
කම්කරු අමාත්‍යංශය සංගණනයක් කොට මේ දත්ත හෙළි කර ගත් බව ද කම්කරු ඇමතිවරයා මෙහිදී සඳහන් කළේය .
කෙසේ වෙතත් මෙරට ලක්‍ෂ ගණනක පිරිසකගේ රැකියා අහිමිවී ඇති බවට විපක්‍ෂය නගන චෝදනා අසත්‍ය බවද ඒ මහතා පැවසීය .සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ විවාදයට එක්වෙමින් කම්කරු අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.