නවතම පුවත්

ළමා අපචාර නඩු සඳහා වෙනම දිනයක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ළමා අපචාර නඩු සඳහා මහාධිකරණවල නිශ්චිත දිනයක් වෙන් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව එකඟතාව පළකර ඇත.

ළමයින් සම්බන්ධ නඩුවලට එම දිනයේදී ප්‍රමුඛතාව ලබාදීමටත සහ එම නඩු හඳුනා ගැනීම සඳහා ක්‍රමවේදයක් සැකසීමට අදාළ අධිකරණ සේවා කොමිෂන් සභාවේ අංක 449 දරන චක්‍රලේඛය සියළු මහාධිකරණ විනිසුරුවරුන්ට යවා ඇති බවද වාර්තාවේ

මෙයට අමතරව වින්දිත දරුවන් උසාවි වලට නොකැඳවා දුරස්ථ වෙනත් ස්ථාන වල සිට අදාළ සාක්ෂි ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීමේ මධ්‍යස්ථාන 09ක් සෑම පළාතකම පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බවද වාර්තාවේ.

ජාතික ළමා ආරක්ෂණ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රියාකාරී සැලැස්මක් මේ වන විට අදාල අමාත්‍යාංශ දහය පදනම් කරගෙන ආරම්භ කර ඇති බව පැවසූ සභාපතිවරයා ළමා ආරක්ෂණයට අදාල ජාතික දත්ත පද්ධතිය ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සමග එක්ව එළඹෙන ඔක්තොබර් මාසයේදී ජනගත කිරීම සඳහා සියල්ල සූදානම් බවද ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා මාධ්‍ය වෙත පැවසීය

කොවිඩ් වසංගත කාලයේදී ළමා ආරක්ෂණ අධිකාරියට ලැබී ඇති විමසීම් සංඛ්‍යාව 55,000ක් බවත් පසුගිය මාස 06 තුළදී ලැබී ඇති ළමා අපයෝජන සම්බන්ධ පැමිණිලි ප්‍රමාණය 4740ක් බවත් මෙහිදී ප්‍රකාශ විය.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්