කොරෝනා වළකන්න රජය කරන දේ වහා හෙළිකරන්න- රනිල්

Picture of අසංක

අසංක

කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය පැතිරීම පාලනයට ආණ්ඩුව ගන්නා පියවර කුමක්දැයි වහා ජනතාවට හෙළිකළ යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

දියුණු රටවලට පවා එය පාලනයට නොහැකි වූ බව ඔහු අවධාරණය කර සිටියි.

නිවේදනයක් නිකුත් කරමින් හෙතෙම මේ බව කියාසිටියි.