කොරෝනා වැළඳුණු ස්පාඤ්ඤයේ පළමු බළලා මරුට

Picture of අසංක

අසංක

ස්පාඤ්ඤයේ මිනිසාගෙන් නව කොරෝනා වැළඳී මියගිය පළමු බළලා පිළිබඳ පුවත වාර්තා කර තිබේ.

ස්පාඤ්ඤයේ නව කොරෝනා වෛරසය වැළඳුණු පළමු බළලා වන අතර මේ වනවිට මිනිස්සුන්ගෙන් වෛරසය ආසාදිත ලොව හයවන බළලා ලෙස මෙම සිදුවීම වාර්තා වේ.

මෙම බළලා 4 හැවිරිදි වන අතර නව කොරෝනා ආසාදනය වී ඇත්තේ එම රෝගයෙන් මියගිය තම ස්වාමියාගෙනි.

කැටලෝනියානු පවුලක් ඇසුරේ හැදුණු වැඩුණු මෙම බළලා පශු වෛද්‍ය රෝහලකට ඇතුළත් කර ඇත්තේ ඔහුට හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති බව ස්වාමියාගේ පවුලේ අය දැක ඇති හෙයිනි.

බළලාට සිගුකාලීන හෘදයාබාධයක් මෙන්ම උෂ්ණත්ව මට්ටම අසමබරතා සහ රුධිර පට්ටිකා මට්ටම් අවම වීම ආදි රෝග තිබූ බව කාර්ය මණ්ඩලය විසින් සොයා ගන්නා ලදී. ඒ අනුව බළලාගේ රුධිරය නිසි ලෙස කැටි ගැසීමට නොහැකි වූ බවට හඳුනාගෙන ඇත.

සත්ව සෞඛ්‍ය පිළිබඳ පර්යේෂණ මධ්‍යස්ථානයේ පර්යේෂකයෙකු වන මහාචාර්ය ජොකීම් සේගල්ස් පැවසුවේ “ඔහු මිනිසා අතර පැතිරෙන වසංගත රෝගයට සම පාර්ශවකරුවෙකු” වූ බවයි.

එහි අධ්‍යක්ෂක නටාලියා මාජේ පැවසුවේ බළලුන්ගෙන් බළලුන්ට වෛරසය සම්ප්‍රේෂණය වීමේ සම්භාවිතාව ‘දැනට හඳුනාගෙන නොමැති’ බවයි.

මේ වසර මුලදී චීනයේ කරන ලද අධ්‍යයනයකින් වුහාන්හි බළලුන් 102 දෙනෙකු සඳහා රුධිර පරීක්ෂණ සිදු කරන ලදී.

හාර්බින් පශු වෛද්‍ය පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයන් සොයාගත්තේ බළලුන් මිනිසුන්ගෙන් වෛරසය අල්ලා ගැනීමේ අවදානමක් ඇති නමුත් එය සුනඛයන් තුළ දුර්ලභ බවයි.

ඔවුන් පැවසුවේ ඌරන්, කුකුළන් සහ තාරාවන් කිසිසේත් ඊට ගොදුරු නොවන බවයි.