නවතම පුවත්

කොරෝනා වෛරසයට එරෙහිව එන්නතක් නිපදවීමට බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා ඒකාබද්ධ පරික්ෂණයක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කොරෝනා වෛරසයට එරෙහිව එන්නතක් නිපදවීම සඳහා ශ්‍රී ලංකාවේ හා බ්‍රිතාන්‍යයේ වෛද්‍ය විශේෂඥයින් පිරිසක් ඒකාබද්ධ වැඩසටහනක් ආරම්භ කර ඇත. මේ අනුව ශ්‍රී ලංකාවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හා බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්යාලයද මෙම වැඩසටහනට සමගාමීව ඒකාබද්ධ පර්යේෂණ ආරම්භ කර ඇත.

මෙම පර්යේෂණ සාර්ථක කර ගැනීම සඳහා බ්‍රිතාන්‍ය රජය මූල්‍යාධාර සපයන අතර මෙම සතියේද ඒ සඳහා අලුතින් රුපියල් මිලියන දහයක මුදලක් ලබාදීමට එරට රජය පියවර ගෙන ඇත . මෙහිදී විවිධ ජන කොටස්වලට අයත් කොරෝනා ආසාධිතයින් එම වෛරසයට දක්වන ප්‍රතිශක්තීකරණ ප්‍රතිචාර පිළිබඳවද පුළුල්ව පර්යේෂණයට ලක්කිරීමට සැලසුම් කර ඇත .

මෙම පර්යේෂණ සඳහා ඉදිරියටත් අවශ්‍ය මූල්‍යාධාර ලබාදීමට තම රජය සූදානම් බවත් , මෙම පර්යේෂණ හරහා කොරෝනා වසංගතයට එරෙහිව සාර්ථක ප්‍රතිඵලයක් ලබාගැනීමට හැකිවනු ඇතැයි අපේක්‍ෂා කරන බවත් මෙරට බ්‍රිතාන්‍ය මහකොමසාරිස් සාරා හුල්ටන් මහත්මිය සඳහන් කර ඇත .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්