නවතම පුවත්

කොරෝනා වෛරසයෙන් මෙරට පිරිසක් මියගිය බොරුව පැතිරූ අයෙක් අත්අඩංගුවට

අසංක

අසංක

කොවිඩ් 19 වෛරසයෙන් මෙරට පුද්ගලයින් 10 දෙනෙක් මියගොස් ඇති බවට ව්‍යාජ තොරතුරක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කළ පුද්ගලයෙක්ව ලබන 01 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද 25 නියෝග කරනු ලැබීය.

එම සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ විමර්ශන අංශය විසින් ඊයේ ( 24)දිනයේදීය.

හෝමාගම පිහිටි පුද්ගලික විශ්ව විදයාලයක පරිපාලන නිලධාරියෙක් වන එම පුද්ගලයා එම ව්‍යාජ පුවත සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධකර ඇත්තේ පසුගිය 23 වෙනිදාය.

එම ව්‍යාජ පුවත සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇත්තේද ව්‍යාජ ෆේස් බුක් ගිණුමක් හරහා බවද අනාවරණය වී තිබේ.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි