නවතම පුවත්

කොරෝනා වෛරසයේ මරණ 492ක් – සුවය ලැබූන් 892ක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

නව කොරෝනා වෛරසය ආසාදනය සිදුව ඇති මරණ සංඛ්‍යාව ඊයේ (04දා) දිනය අවසන් වනවිට 492ක් ලෙස වාර්තා වන අතර, වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ ප්‍රමාණය 24,545ක් දක්වා වර්ධනය වී තිබේ.

කෙසේ වෙතත් වෛරසය ආසාදනය වීමෙන් පසුව සුවය ලබා ඇති පිරිසද ඊයේ දිනය අවසන් වනවිට 892ක් දක්වා වර්ධනය විය.

වෛරසය ආසාදනය වීමෙන් චීනය තුළ පමණක් පුද්ගලයන් 490ක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් පුද්ගල මරණ දෙකක් පිලිපීනයෙන් සහ හොංකොං වෙතින් වාර්තා වේ. එමෙන්ම ආසාදිත පුද්ගලයන්ගෙන්ද 24,363ක් චීනයෙන්ද, 182ක් විදෙස් රටවලින්ද වාර්තා වේ.

චීන සෞඛ්‍ය කොමිසමේ සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව පෙරේදා (03දා) දිනය අවසන් වනවිට මරණ සංඛ්‍යාව 427ක් වූ අතර, ආසාදිතයන් සංඛ්‍යාව 20,471ක් දක්වා ඉහළ ගොස් තිබුණි. ඒ අනුව ඊයේ දිනයේ සිදුව ඇති මරණ සංඛ්‍යාව 65ක් වන අතර, සුවය ලැබූවන් 260කි. එමෙන්ම ඊයේ දිනයේ ආසාදිතයන් 4,000 ඉක්මවා තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්