නවතම පුවත්

නව කොරෝනා වෛරසය තවමත් වසංගත තත්වයක් නොවේ – WHO

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

චීනයෙන් පැතිරී යන නව කොරෝනා වෛරසය තවමත් වසංගත තත්ත්වක් දක්වා දුරදිග ගොස් නැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව වසංගතයක් යනු ලොව පුරා නව රෝගයක් පැතිරී යාමයි. නව කොරෝනා වෛරසයෙන් මේ වනවිට ආසාදිත බවට තහවුරු වූවන් 20,000ක් ඉක්මා තිබුණත්, ඒ වැඩි පිරිස වාර්තා වන්නේ චීනයෙනි. එමෙන්ම මේ වනවිට වෛරසය ආසාදනය වීමෙන් මියගිය පිරිස 427ක් වන අතර, ඉන් 425ක්ම චීනයෙනි.

නව කොරෝනා වෛරසය පැතිරුණු රාජ්‍යයන් ලෙස තවමත් අප්‍රිකාව හෝ ලතින් ඇමෙරිකානු රටවල් සඳහන් නොවන අතර, ආසියානු හා යුරෝපා රටවල් කිහිපයක වෛරසය පැතිරී තිබුණත් එයද තවමත් ඉතා සුළු වශයෙනි.

අද දිනයේ තවත් ආසියානු රටවල් තුනක් ලෙස සිංගප්පූරුව, මැලේසියාව සහ තායිලන්තය යන රටවලින් කොරෝනා ආසාදිතයන් වාර්තා වූ අතර, ඔවුන් චීනයට නොපැමිණි අය වීමද විශේෂත්වයකි.

නව කොරෝනා වෛරසය දරුණු ශ්වසන ආසාදන ඇති කරන අතර, රෝග ලක්ෂණ සාමාන්‍ය උණකින් ආරම්භ වන අතර, වියළි කැස්සක් ඇති වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්