නව කොරෝනා වෛරසය ආසාදනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා විරුවන් සුවය නව දෙනෙකු සුවය ලබා තිබෙනවා. ඔවුන් සියළුදෙනා පරීක්ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඊයේ ( 02) දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.
මෙම නාවික රණවිරුවන් නව දෙනාද ඇතුළුව මේ වන විට වෛරසය ආසාධනය වී රෝහල් ගත කල සමස්ත නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාවෙන් නාවික හමුදා විරුවන් 424ක් සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් ඇති අතර, රෝහල් වෙතින් පිටත්ව ගියද මෙම සියලුම නාවික රණවිරුවන් සෞඛ්‍ය උපදෙස් මත තවදුරටත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කර ඇත.