නවතම පුවත්

චීනය සති ගණනක් තිස්සේ කොරෝනා රහස් හංගන් ඉදලා – විමර්ශනයකින් හෙළිවෙයි

අසංක

අසංක

කොරෝනා වයිරසය පිළිබඳ ප්‍රධානතම තොරතුරු චීනය සති ගණනක් තිස්සේ හෙළිනොකොට තබා ගත් බවට නව විමර්ශනයකින් අනාවරණය වී තිබේ.

මෙම තොරතුරු හෙළිවී ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අභ්‍යන්තර විමර්ශන වාර්තාවක් මගිනි.

නව කොරෝනා වසංගතය ජනවාරි මාසයේ දී ප්‍රථම වරට මතුවීමෙන් පසුව එහි පැතිරීම පිළිබද ජාත්‍යන්තර ප්‍රතිචාර හිතාමතාම ප්‍රමාද කිරීමට චීනය කටයුතු කර ඇති බවට ද විමර්ශනයෙන් පෙනී ගොස් ඇත.

චීනය අඩුම තරමින් සති දෙකක්වත් යනතුරු මෙම වෛරසයේ ජාන සිතියම්, වෛරසයේ පැතිරීම හෝ මිනිසුන් අතර කෙසේ බෝවෙන්නේ ද යන්න පිළිබද හෝ හෙළිකිරීමට අසමත් වූ බව ද විමර්ශන වාර්තාවල දැක්වේ.

වුහාන් වෛරස් විද්‍යා ආයතනයේ විද්‍යාඥයින් ජනවාරි 2 වන දින වෛරසය පිළිබද තතු අනාවරණය කරගත් නමුත්, චීන සෞඛ්‍ය නිලධාරීන් ඔවුන්ගේ සොයාගැනීම් පිළිබඳ තොරතුරු සතියකට පසුව එනම් ජනවාරි 12 වන දින දක්වා ප්‍රකාශයට පත් නොකළේය.

මිනිසුන් අතර වෛරසය පැතිර යා හැකි බවට චීන රජය ලෝක සෞඛ්‍ය සංවිධානයට සහ වෙනත් රජයන්ට ජනවාරි 20 වනදා වනවිටත් අනතුරු ඇඟවූයේ නැත.

මේ බව චීනයට අනාවරණය කරන්නට සිදුවුණේ විද්‍යාඥ ෂැං යොංෂෙන්ගේ නායකත්වයෙන් යුත් ෂැංහයි හි විද්‍යාගාරයක් විසින් තොරතුරු ප්‍රකාශයට පත් කිරීමෙන් පසු දිනයේ ය.

එවකට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් චීනය වෛරසයට දැක්වූ වේගවත් ප්‍රතිචාරය ගැන ප්‍රසිද්ධියේ ප්‍රශංසා කළේය.

කෙසේ වෙතත්, චීනය වෛරසය පිළිබඳ ප්‍රධාන තොරතුරු සගවාගෙන සිටින්නේ ද යන්න පිළිබද ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරීන් පෞද්ගලිකව සැලකිලිමත් වූ බව ද එම විමර්ශන වාර්තාව මගින් අනාවරණය වී තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්