කොරෝනා සමයේ , අපේ රටේ කොටස් වෙළඳපොළ ඉහල යන්නේ කොහොමද ?

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මේ දිනවල මෙරට  කොටස් වෙළඳපොළේ සිදුවෙමින් පවතින , කැපී පෙනෙන  වර්ධනයට හේතුවී ඇති  කරුණු කිහිපයක් හේතුවී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ මහාචාර්ය ජනක් කුමාරසිංහ මහතා මාධ්‍ය වෙත අනාවරණය කළේය

පොළී අනුපාත පහළ මට්ටමක පැවතීම, ඩොලර් උපයන සමාගම්වල ආයෝජන සදහා ඇති ඉහළ උනන්දුව මෙන්ම කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙතෙක් පවත්වාගෙන ආ ව්‍යාපාර කටයුතු සීමා වූ පිරිස් කොටස් වෙළඳපොළ ආයෝජනයට යොමුවීම ඉන් ප්‍රධාන වන බව ඔහු එහිදී  පෙන්වා දුන්නේය .

මේ පිළිබඳව වැඩිදුරටත් විස්තර කල ඒ මහතා මෙසේද පැවසීය ,

රටට ඩොලර් ගෙනෙන , අපනයන ක්ෂේත්‍රයේ ව්‍යාපාර පිළිබඳව ඇති උනන්දුව ඉහල ගොස් තිබෙනවා , ඩොලරයේ ඉහල යාමද එයට බලපානවා . මෙසේ එම අපනයන ක්ෂේත්‍රයට ඇති උනන්දුව සමග එම ක්ෂේතර්යේ ව්‍යාපාරවලට ආයෝජනය කිරීමටද උනන්දුව වැඩිවෙලා .

එසේම රට වසා තිබෙන විට කඩාවැටුණු ඇතැම් ව්‍යාපාර කඩාවැටුනා . එම ව්‍යාපාරිකයින් තම අතිරේක මුදල් කොටස් වෙළඳපොලේ ආයෝජනයට යොදවල තිබෙන බවක්ද පෙනෙනවා . ඔවුන්ට තම ව්‍යාපාර ඉදිරියට ගෙනයාම නොහැකි බැවින් ඔවුන්ගේ ඉතුරුම් මුදල් බැංකුවල නොදමා කොටස් වෙළඳ පොලේ ආයෝජනය කිරීමක්ද මෙහිදී වෙනවා  බැංකු  පොලී අනුපාත පහල නිසා වැ ව්‍යාපාරිකයින් වැඩි වශයෙන් කොටස් වෙලනදපොලට එන බවක්ද  පෙනෙනවා .