නවතම පුවත්

කොරෝනා සමයේ ලොව ජීවත්වීමට හොඳම නගර දහය මෙන්න

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

“ද ඉකොනොමිස්ට්” ( THE ECONOMIST ) සඟරාවේ නවතම ශ්‍රේණි ගතකිරීම් අනුව ලොව ජීවත් වීමට හොඳම නගරය ලෙස නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරය තේරී පත්ව ඇත .

කෝවිඩ් වෛරස පාලනය ප්‍රමුඛ තවත් සුවිශේෂී සාධක කිහිපයක් මුල් කරගනිමින්  මෙම නවතම ශ්‍රේණි ගත කිරීම් සිදුකර ඇති බව එකොනොමිස්ට් සඟරාව සඳහන් කර ඇත .

නවසීලන්තයේ ඕක්ලන්ඩ් මෙලෙස පෙරමුණ ගෙන ඇත්තේ ලොව පුර විහිදී තිබෙන නගර 140ක් අතුරින් වන අතර .එරට  අගනුවර වන වෙලින්ටන් නගරයද මෙම ලයිස්තුවේ  සිව් වන ස්ථානය පත්ව තිබීම සුවිශේෂී කරුණකි .

මෙම ලැයිස්තුවේ දෙවන තැන ගැනීමට ජපානයේ ඔසාකා සමත්ව තිබේ. තුන්වන තැන හිමිව ඇත්තේ ඔස්ට්‍ර්ලියාවේ ඇඩිලේඩි වෙතය.

පස්වන ස්ථානයට ජපානයේ ටෝකියෝ නුවර නම් කර තිබෙන අතර හය වන ස්ථානය ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර හිමිකර ගෙන තිබේ.

ස්විට්සර්ලන්තයේ සූරිච් ජිනීවා නුවර හත සහ අට වන ස්ථානවලට පත්ව තිබෙන අතර ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නව වැනි තැනට පත්ව ඇත.

දහවෙනි තැන වෙන් කර ගැනීමටද ඔස්ට්‍රේලියාව සමත්ව ඇති අතර ඒ අනුව බ්‍රිස්බේන් නගරය එම තැන හිමි කරගෙන ඇති බවයි දැක්වෙන්නේ.

කොවිඩ් 19 වසංගතය හමුවේ ඕස්ට්‍රේලියාවද දැඩි පීඩනයකට හසු වූ රටක් වන නමුත් ඔවුන් මෙම ලයිස්තුවේ ස්ථාන හතරක් අත්පත්කර ගැනීම සුවිශේෂිය.

කොවිඩ් පාලනය සඳහා මෙම රටවල් ආරම්භයේ සිටම දැඩි පියවර ගෙන තිබෙන අතර ජනතාවට සෞඛ්‍ය පහසුකම් සැපයීම අතින්ද මෙම රටවල් සුවිශේෂී වන බවයි ඉකොනොමිස්ට් සඟරාව පෙන්වා දී ඇත්තේ.

ලොව ජිවත් වීමට නුසුදුසුම නගරය ලෙස දක්වා ඇත්තේ සිරියාවේ ඩැමස්කස්ය.

The world’s most livable cities 2021

1. Auckland, New Zealand
2. Osaka, Japan
3. Adelaide, Australia
4. Wellington, New Zealand
4. Tokyo, Japan
6. Perth, Australia
7. Zurich, Switzerland
8. Geneva, Switzerland
8. Melbourne, Australia
10. Brisbane, Australia

The world’s least livable cities 2021

1. Damascus, Syria
2. Lagos, Nigeria
3. Port Moresby, Papua New Guinea
4. Dhaka, Bangladesh
5. Algiers, Algeria
6. Tripoli, Libya
7. Karachi, Pakistan
8. Harare, Zimbabwe
9. Douala, Cameroon
10. Caracas, Venezuela

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්