නවතම පුවත්

පොඩි මිනිස්සු ගෙවල්වල , ලොකු මිනිස්සු පාරේ – PHI සංගමය චෝදනා කරයි.

PHI
පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

රට තුළ දැනට ක්‍රියාත්මක වන සංචරණ සීමාවලින් අපේක්ෂිත අරමුණු ඉටුවන්නේද යන්න ගැටළු සහගත බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා චෝදනා කර සිටී .

මේ පිළිබඳව මාධ්‍ය වෙත වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද පැවසීය

“මේ වනවිට ලංකාවෙ පවතින තත්වය ඉතාමත් තීරණාත්මකයි කියලා කියන්න පුළුවන්. මොකද අපි සංචරණ සීමාවකින් බලාපොරොත්තු වෙන කාර්යය මේ වෙනකොට සිද්ධ වෙනවද කියලා ගැටළුවක් තියෙනවා. විශේෂයෙන් එදිනෙදා වේල හම්බකරගන්නා කුඩා මිනිස්සු නිවෙස් තුළ සිටීමත් ඇතැම් අය බලපුළුවන්කාරකම් තත්වය නිලය උපයෝගී කරගෙන සංචරණය සිදුකිරීමත් අපට දකින්න පුළුවන්. මේ පහුගිය දින කිහිපයේදී මං හිතන්නෙ මාධ්‍යයත් ඒක වාර්තා කළා. ඉතිං එවැනි තත්වයක් තුළ අපේක්ෂිත ඉලක්කය මෙමගින් සම්පූර්ණ වෙනවාද කියන එක අපි හරියාකාරව සොයාබැලිය යුතුයි ,

මෙවැනි සංචරණ සීමාවක් පැනවීමෙන් මේ අපේක්ෂිත ඉලක්ක සම්පූර්ණ කරගත හැකිද කියන ගැටළුව රට හමුවේ තියෙනවා. එවැනි තත්වයක් තුළ පවතින සංචරණ සීමාවන් හරියාකාරව ක්‍රියාත්මක කරවීම තමයි රජයේ කාර්යය වියයුත්තේ. එහෙම නැතුව ඇතැම් ආයතන ප්‍රධානීන්ට, ඒවගේම යම් යම් පුද්ගලයින්ට හිතූ මනාපයෙන් නිරෝධායන නීති කඩකරමින් විවිධ අවශ්‍යතාවයන්ට සමහර වෙලාවට අත්‍යවශ්‍ය නොවන කාරණාවලට සංචරණය වීමට ඉඩහැරීම නොකළ යුතුයි. ඉතිං එවැනි තත්වයක් ඇති කළොත් මිස එහෙම නැත්නම් මේ පවතින තත්වයේ අඩුවක් බලාපොරොත්තු වෙන්න අපහසුයි දැනට තියෙන තත්වය මත”

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්