පැතුම් වික්‍රමරත්න
කොරෝනා වෛරසය වැළඳී සුවය ලැබූ රෝගීන් තුල නැවත එම වෛරසය සක්‍රීය විය හැකි බව දකුණු කොරියානු වෛද්‍ය විශේෂඥයින් පිරිසක් අනතුරු අඟවා සිටී.
එරට තුල කොරෝනා වෛරසය වැළඳී සුවය ලැබූවන් පරීක්ෂාවට ලක් කිරීමකදී ඉන් 51දෙනෙකු හට නැවත කොරෝනා ආසාධනය වී ඇති බවක් හඳුනාගෙන ඇත.
කොරියාවේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන කියා සිටින්නේ මෙහිදී රෝගීන් නැවත ආසාදනය වීමකට වඩා වෛරසය ‘නැවත සක්‍රිය’ වීමක් සිදුව ඇති බවයි.
මේ පිළිබඳ පර්යේෂණයන්හි නිරත වී සිටින කොරියානු වෛද්‍ය විශේෂඥ කණ්ඩායම පිරිස පවසන්නේ මෙතෙක් හෙළි කර නොගත් හේතූන් මත වෛරස අංශු නැවත සක්‍රිය වී නැවත වරක් පෙණහලුවලට පහර දීමට ඉඩක් ඇති බවයි.
කෙසේ වෙතත් මේ පිළිබඳව තවමත් තහවුරු කර ප්‍රකාශයක් සිදුකිරීමට තරම් සාක්ෂි නොමැති බවද එම විශේහඥයින් පෙන්වාදී ඇත.