කොරෝ්නා පාටි දමා අත්අඩංගුවට ගත් චන්දිමාල්-පියූමීට ඇප

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

* පාටියට ආ අය සොයා පොලිස් මෙහෙයුම්

දම්පත් රණසිංහ

කොළඹ ෂැග්‍රිලා හෝටලයේදී රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ රංගන ශිල්පිනියක් වන පියුමි හංසමාලි යන දෙදෙනා කොටුව පොලීසියේ නිලධාරීන් විසින් අද (31) අලුයම අත්අඩංගුවට ගෙන කොළඹ අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර තිබේ.

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් උපන්දින සාදයක් මෙම හෝටලයේ 10 වැනි තට්ටුවේ පිහිටි කාමරයක් තුළ පැවැත්වීමේ චෝදනාවටය.

නිරෝධායන නීති අමු අමුවේ උල්ලංඝනය කරමින් පොලීසියටත් සෞඛ්‍ය අංශවලටත් අභියෝගකරමින් ඊයේ (30) රාත්‍රියේ පැවැති එම සාදය ගැන සමාජ මාධ්‍ය ජාල මගින් දැඩිව විවේචන එල්ලකරනු ලැබීය.

එම සාදයට 20 කට 30 කට වැඩි පිරිසක් සහභාගිවී සිට ඇත.

කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුකට අනුව අද අළුයම වැටලීම කර ඇති බව සදහන්ය.

පොලීසිය එහි යනවිට සාදය අවසන්ව කාමරයේ සිට ඇත්තේ චන්දිමාල් සහ පියුමි හංසමාලි පමණක් බව ඇය ඒ වන විට මත්පැන් පානය කර සිටි බව පොලිස් නිලධාරීන්ට පෙනී ගොස් ඇත.

සාදයට සහභාගගිවූ පිරිසෙන් 12 දෙනෙක් හදුනාගෙන ඇති බවත් සෙසු අය හදුනා ගැනීමට ආරක්ෂක කැමරා දර්ශන උපයෝගී කර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහන මහතා සදහන් කළේය.

නිරෝධායන නීති රටතුළ ක්‍රියාත්මකව පැවතින මොහොතක සෞඛ්‍ය මාර්ගෝපදේශ පවා හෝටල්වලට නිකුත්කර තිබියදී මෙවන් සාදයක් පැවැත්නවීමට ඉඩදීමෙන් අදාල හෝටලයේ පරිපාලකයන් කර ඇත්තේද වරදක් බව අජිත් රෝහන මහතා වැඩිදුරටත් සදහන් කළේය.