නවතම පුවත්

කොවිඩ්වලින් මියයන 85%කටම දීර්ඝකාලීන රෝගාබාධ තිබිලා !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොවිඩ් ආසාදිතවීමෙන් මරණයට පත්වූවන්ගෙන් සියයට 85කටම කුමන හෝ දීර්ඝ කාලීන රෝගී තත්වයක් තිබී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය කළ සමීක්‍ෂණයකදී තහවුරු වී ඇත.

මේ පිළබඳව අදහස් දක්වමින් සෞඛ්‍ය  ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පැවසුවේ වසංගත රෝග විද්‍යා අංශය අගෝස්තු මස 13 වැනිදා දක්වා වාර්තා කළ 6,985ක් වන කොවිඩ් මරණ අතරින් 6,709 කටම හේතුව දියවැඩියාව, අධික රුධිර පීඩනය, වකුගඩු ආබාධ, හතිය වැනි රෝගී තත්වයන් බව ඔවුන් කළ සොයාබැලීමක දී තහවුරු වී ඇති බවය

එම සොයාබැලීමේ දී අගෝස්තු 13 වැනිදා තෙක් මරණයට පත්වූවන් අතරින් 2261 කට එනම් සියයට 53කට දියවැඩියා රෝගය, 2202කට එනම් සියයට 52කට අධික රුධිර පීඩනය, 1001 කට එනම් සියයට 24කට හෘදයවස්තුව හා සම්බන්ධ සංකූලතා, 800 කට එනම් සියයට 18 වකුගඩු ආබාධ, 445 එනම් සියයට 10කට හතිය යන රෝගයන්ට අදාළ සංකූලතා තිබී ඇති බව හෙළි වී තිබෙන බව ද රංජිත් බටුවන්තුඩාව මහතා කීවේය.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්