නවතම පුවත්

ලැම්ඩාත් එන්නතට යටයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදයටත් වඩා දරුණු ප්‍රභේදය වන ලැම්ඩා ප්‍රභේදයටත් දැනට භාවිතා කරන කොවිඩ් මර්දන එන්නත්වලින් ආරක්‍ෂාවක් ලැබෙනු ඇතැයි අපේක්‍ෂා කරන බව කොළඹ වෛද්‍ය පීඨයේ ඖෂධවේදය පිළිබඳ මහාචාර්ය, විශේෂඥ වෛද්‍ය ප්‍රියදර්ශනී ගලප්පත්ති මහත්මිය අවධාරණය කර සිටී .

කොවිඩ් ඇල්ෆා ප්‍රභේදයට තරම් නැතත් ඩෙල්ටා ප්‍රභේදයට ද කොවිඩ් මර්දන එන්නත් මගින් ආරක්‍ෂාවක් ලැබෙන බව හෙළි වී ඇති නිසා ඉදිරියේදී පැමිණෙන නව ප්‍රභේදවලටත් එන්නත් මගින් ආරක්‍ෂාව ලැබෙනු ඇතැයි සිතිය හැකි බව ඇය මාධ්‍ය වෙත  සඳහන් කළාය.

එමෙන්ම කොවිඩ් වෙනස් ප්‍රභේද පැමිණියත් වර්තමානයේ භාවිතා වන ප්‍රතිකාර ක්‍රම ඒ සඳහා ද යොදාගැනීමේ හැකියාව ඇතැයි ද ඇය කීවාය.

කොවිඩ් රෝගීන්ට ලබාදීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමි වූ ටොසිලිසු මැබ් නම් ඖෂධය ගැන වර්තමානයේ බොහෝ දෙනෙක් විමසන බව කී වෛද්‍යවරිය එය රෝගීන්ට ලබාදින යුත්තේ විශේෂඥ වෛද්‍ය උපදෙස් අනුව පමණක් බව ද කීවාය.

කොවිඩ් පාලනය සඳහා දැනට ඇති හොඳම ක්‍රමවේදය වන්නේ එන්නත්කරණය බව කී වෛද්‍ය ප්‍රියදර්ශනී ගලප්පත්ති මහත්මිය එන්නත ලබාගැනීමෙන් වයිරසය ආසාදනයවීම අඩුවීම, එන්නත් දෙකම ලබාගත් පසු වයිරසය ආසාදනය වුවත් සංකූලතා විශාල ලෙස අඩුවීම, සංකූලතා ඇතිවුවත් මරණයට පත්වීමේ හැකියාව අඩුවීම සහ එන්නත ලබාගත් අයකුගෙන් තව කෙනෙකුට වයිරසය ආසාදනයවීම අඩුවීම යන වාසි සැලසෙන බව ද කීවාය.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්