නවතම පුවත්

කොවිඩ්වලින් වැටුණු අයට දුන් ණය සහන බිලියන 4000 පනී

අසංක

අසංක

කොවිඩ්-19 වසංගතයෙන් බලපෑමට පත් ව්‍යාපාර සහ පුද්ගලයන්ට ලබා දුන් ණය සහන රුපියල් බිලියන 4,000 ඉක්මවා (රුපියල් බි. 4,083.8 ක්) ඇතැයි ශ්‍රී ලංකා මහබැංකුව පවසයි.

ඒ මිලියන 2.9 කට අධික ඉල්ලීම් ප්‍රමාණයක් අනුමත කරමිනි.

සෞභාග්‍යා ණය රුපියල් බිලියන 179ක අගය පසු කරන බව ද මහබැංකුව කියා සිටී.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අධීක්ෂණය කරන මූල්‍ය ආයතන මඟින් කොවිඩ්-19 හේතුවෙන් බලපෑමට පත් ණය ගනුදෙනුකරුවන්ට සහාය ලබා දීමට ශ්‍රී ලංකා මහ බැංකුව යෝජනා ක්‍රම කිහිපයක් ක්‍රියාත්මක කර ඇත.

කොවිඩ්-19 හේතුවෙන් බලපෑමට පත් ණය ගනුදෙනුකරුවන් සඳහා ණය ආපසු ගෙවීමේ කාලය දීර්ඝ කිරීම, සහනදායී පොලී අනුපාතික, කාරක ප්‍රාග්ධන ණය, ණය සහන සහ ණය පහසුකම් ප්‍රතිව්‍යුහගත කිරීම/ ප්‍රතිලේඛනගත කිරීම මෙම යෝජනා ක්‍රමවලට ඇතුළත් විය.

ඇඟලුම්, සංචාරක, වැවිලි, තොරතුරු තාක්ෂණය, කාර්ය සම්පාදන සේවා සැපයුම්කරුවන්, ත්‍රිරෝද රථ හිමිකරුවන්, පාසල් වෑන් රථ ක්‍රියාකරුවන්, ලොරි රථ, කුඩා භාණ්ඩ ප්‍රවාහන රථ හා බස් රථ වැනි බලපෑමට පත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර බොහොමයකට සහ පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයන්ට මෙම සහන බෙහෙවින් උපකාරී වී ඇත. ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා මෙහිදී ප්‍රමුඛත්වය ලබා දී ඇත.

බලපත්‍රලාභී බැංකු විසින් ලබන මස 31 වැනිදා දක්වා සහ බැංකු නොවන මූල්‍ය ආයතන විසින් 2022.03.31 දක්වා දීර්ඝ කරන ලද මෙම සහන, රැකියා අහිමි වීම, ආදායම් අඩු වීම, ව්‍යාපාර කටයුතු දුර්වල වීම‍, ව්‍යාපාර වසා දැමීම යනාදී කරුණු හේතුවෙන් මූල්‍ය දුෂ්කරතාවලට මුහුණ දුන් ඉහත පාර්ශවයන් වෙත ලබා ද‍ීමට කටයුතු කර ඇත.

 

2019 වර්ෂයේ සිට බලපෑමට ලක්‌ව ඇති සංචාරක ක්ෂේත්‍රය සැලකිල්ලට ගනිමින්‌, එම
ක්ෂේත්‍රයේ බලපෑමට පන්‌ වූ ණය ගනුදෙනුකරුවන්‌ සඳහා විශේෂ යෝජනා ක්‍රම කලින්‌
කලට හඳුන්වා දීම අඛණ්ඩව සිදු කෙරුණු අතර, ඒවා බලපත්‍රලාභී බැංකු විසින්‌
2022.06.30 වන දින තෙක්‌ ද, බැංකු නොවන මූල්‍ය ආයනන විසින්‌ 2022.03.31 දින තෙක් ද දීර්ඝ කරන ලදී. ඒ අනුව, මූල්‍ය ආයනන විසින්‌ එවැනි සහන සඳහා ඉල්ලීම්‌ 24,831ක්‌ මෙතෙක්‌ අනුමත කර ඇත.

මගී ප්‍රවාහන ක්ෂේත්‍රයේ නිරත ව්‍යාපාර සහ පුද්ගලයන්‌ සඳහා ලබාඇති කල්බදු මූල්‍යකරණ පහසුකම්‌ සඳහා වන ණය සහන වැනි විශේෂිත සහන 2021.09.30 දක්වා, ආරම්භයේ දී ලබා දුන්‌ අතර, අනතුරුව බලපත්‍රලාභී බැංකු විසින්‌ 2021.12.31 වන දින තෙක්‌ ද බැංකු නොවන මූල්‍ය ආයතන විසින්‌ 2022.03.31 දින තෙක් ද දීර්ඝ කරන ලදී.

මූල්‍ය ආයනන විසින්‌ එවැනි සහන සඳහා ඉල්ලීම්‌ 117,085 ක්‌ අනුමත කර ඇත.

ණය සහනවලට අමතරව, බැංකු නොවන මූල්‍ය ආයනන අංශයේ බලපෑමට පත්වූ ණය ගනුදෙනුකරුවන්ට ණය පහසුකම්‌ දීර්ඝ කාලයක්‌ සඳහා ප්‍රතිව්‍යුහගන කිරීම (පිළිගත හැකි නගා සිටුවීමේ සැලැස්මක්‌ පිළියෙල කිරීමට යටත්ව) නැතහොන්‌ පවතින ණය පහසුකම්‌, අනාගත පොලිය, ගාස්තු සහ අදාළ අය කිරීම්‌ කපා හැරීම මගින්‌ පියවීම සඳහා පහසුකම්‌ සලසා ඇත. බැංකු නොවන මූල්‍ය ආයතනවල ණය ගනුදෙනුකරුවන්‌ සඳහා මෙම විකල්ප 2022.03.31 දක්වා ලබා දී ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින්‌ ගෙවිය යුතු දඩ පොලිය කපාහැරීම, පවතින ණය පහසුකම්‌ ප්‍රතිව්‍යුහගන කිරීම, පොලී ප්‍රතිදාන සැපයීම, පූර්ව පියවීමේ ගාස්තු සහ අනෙකුත් ගාස්තු කපාහැරීම, ණය ආපසු අය කර ගැනීමේ දී ගන්නා නීතිමය ක්‍රියාමාර්ග අත්හිටුවීම, රුපියල්‌ 500,000ට අඩු අගයකින්‌ යුන්‌ චෙක්පත්වල වලංගු කාලය දීර්ඝ කිරීම, මූල්‍ය ආයතන විසින්‌ සාමාන්‍යයෙන්‌ අයකරනු ලබන ඇතැම්‌ ගාස්තු (අගරු චෙක්පත්‌, ගෙවීම්‌ නැවැත්වීම යනාදිය සඳහා) අත්හිටුවීම සහ සහන කාලය තුළ දී ණයපත් මත අයකරනු ලබන ප්‍රමාද ගෙවීම්‌ ගාස්තු අත්හිටුවීම ඇතුළු සහන තවදුරටත් ලබාදෙන මෙන්‌ මූල්‍ය ආයතන වෙත දැනුම්‌ දෙන ලදී.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින්‌ කොවිඩි-19 වසංගතනය හේතූවෙන්‌ පීඩාවට පත් ව්‍යාපාර යළි නඟා සිටුවීම සඳහා අදියර 3 ක්‌ යටතේ සෞභාග්‍යා කොවිඩි-19 පුනරුද සහන ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරන ලදී. මාස 6ක සහන කාලයක්‌ ද ඇතුළුව, මාස 24 ක්‌ දක්වා ණය ආපසු ගෙවීමේ කාලයක්‌ සහිතව වසරකට 4% ක පොලී අනුපාතිකයක්‌ යටතේ කාරක ප්‍රාග්ධන ණය සැපයීමට මෙම යෝජනා ක්‍රමය ඔස්සේ පහසුකම්‌ සලසන ලදී.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින්‌ මෙම සෞභාග්‍යා කොවිඩි-19 පුනරුද ණය සහන යෝජනා ක්‍රමය යටතේ රුපියල්‌ මිලියන 179,280 ක ප්‍රමාණයකින්‌ යුතු අයදුම්පත්‌ 62,574ක්‌ අනුමත කරනු ලැබ ඇත.

බලපත්‍රලාභී බැංකු විසින්‌ එයින්‌ රුපියල්‌ මිලියන 165,513 ක මුදලක්‌ දිවයින පුරා විසිරී සිටින පීඩාවට පත් ව්‍යාපාර 53,152 ක්‌ අතර බෙදා හරින ලදී. කොවිඩි -19 වසංගතයේ දෙවන සහ තෙවන රැලි සැලකිල්ලට ගනිමින්‌, සෞභාග්‍යා කොවිඩි-19 පුනරුද සහන ණය පහසුකම යටතේ ලබා දුන්‌ ණය සඳහා අදාළ වන සහන කාලය සහ ණය ආපසු ගෙවීමේ කාලය කිහිපවතාවක්‌ දීර්ඝ කරන ලදී.

ඒ අනුව, 2021.12.31 වන දින දක්වා ණය සහන කාලයක්‌ ලබා දුන්‌ අතර, ණය ආපසු
ගෙවීමේ කාලය මාස 12 සිට මාස 36 ක්‌ දක්වා දීර්ඝ කරනු ලැබීය. මීට අමතරව, සෞභාග්‍යා සහ ස්වශක්ති යනාදී ණය යෝජනා ක්‍රම සහ ශ්‍රී ලංකා මහබැංකූව විසින්‌ ක්‍රියාත්මක කරන ලද අනිකුත් ණය යෝජනා ක්‍රම යටතේ ණය ලබාගත් ප්‍රතිලාභීන්‌ සඳහා ද පොලී අඩුකිරීම්‌ සහ ණය සහන කාලයක් හඳුන්වා දීම තුළින්‌ මෙම තීරණාන්මක අවස්ථාවේ දී තවදුරටත් සහන සලසන ලදී.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්