කොවිඩ් අරමුදලට ඇමතිවරු වැටුපක් දෙයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

කොවිඩ් -19 අරමුදල සඳහා කැබිනට් අමාත්‍යවරුන්ගේ අගෝස්තු මස වැටුප පරිත්‍යාග කිරීමට තීරණය කර තිබේ.

ඒ සම්බන්ධ යෝජනාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබූණි.

ඒ සඳහා ඊයේ පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී කැබිනට් අනුමැතිය හිමිවී ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු ද මීට පෙර කොවිඩ් අරමුදල වෙත සිය අගෝස්තු වැටුප පරිත්‍යාග කිරීමට පියවර ගෙන තිබුණි.