නවතම පුවත්

මෙරට කොවිඩ් මරණවලින් 30%ක්ම නියුමෝනියාවෙන්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

කොවිඩ් ආසාදිතව මියයන පුද්ගලයින්ගෙන් සියයට 30ක පමණ පිරිසක් කොවිඩ් නියුමෝනියා තත්ත්වය හේතුවෙන් මියයන බව මුල්ලේරියාව සහ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රධාන විශේෂ අධිකරණ වෛද්‍ය චන්න පෙරේරා මහතා අනාවරණය කර සිටී

ඔහු පෙන්වාදෙන්නේ කොවිඩ් දේහ සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා අනුව මේ බව තහවුරු වී ඇති බවය.

මේ වනවිට කොවිඩ් දේහ 100ක පමණ පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකර ඇති වෛද්‍ය චන්න පෙරේරා මහතා මෙසේද සඳහන් කළේය.

“මම ප්‍රථම පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළේ 2020 වසරේ මැයි 5 වනදා. අපේ රට මුල් අවස්ථාවේදීම කොවිඩ් මරණ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කරපු රටක්. කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයින් 100කගේ පශ්චාත් මරණ පරීක්ෂණ අපි කරලා තියෙනවා. ඒවා සියල්ලකම පාහේ පටක පරීක්ෂණ සිදුකරලා තියෙනවා. පෙනහළු සහ අභ්‍යන්තර ඉන්ද්‍රීයන්වල සිදුවෙන වෙනස්කම් අපි නිරීක්ෂණය කරලා තියෙනවා. මෙම පශ්චාත් මරණ පරීක්ෂණවලින් 30%ක් පමණ මියගිහින් තියෙන්නේ කොවිඩ් නියුමෝනියා තත්ත්වය නිසා. ඒ වගේම තවත් යම්කිසි ප්‍රතිශතයක් ඝෘජුව කොවිඩ් ආසාදනයවීමෙන් ලේ කැටිගැසීම් නිසා ඒවා පෙනහළුවල සිරවී මිය යන්නට පුළුවන්. මෙම පරීක්ෂණවලින් අපිට අනාවරණය වුණා කොවිඩ් ආසාදනයේ සංකූලතා ඇතිවන, විශේෂයෙන් පෙනහළුවල ආසාදන ඇතිවන පුද්ගලයින්ගේ පෙනහළු මුල් අදියරයේදී ඇතිවෙන යම් යම් වෙනස්කම්. අපි මේකෙ දැක්ක දේ තමයි පෙනහළුවල ගර්තවල බිත්තියේ මෙම වෛරසයේ සංකූලතාවයක් ලෙස ඇතිවෙන තත්ත්වය. එම මුල් අවදියේ ප්‍රතිකාර කිරීම කොවිඩ් නියුමෝනියා තත්ත්වයට වඩා වෙනස්.”

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්