නවතම පුවත්

කොවිඩ් ආසාදිතව මියගිය වයස්ගතම පුද්ගලයා ගාල්ලෙන් වාර්තා වෙයි

අසංක

අසංක

ශ්‍රී ලංකාවේ COVID-19 හේතුවෙන් මියගිය වයස්ගතම පුරවැසියා ඊයේ (07) ගාල්ල කරපිටිය ශික්ෂණ රෝහලෙන් වාර්තා වෙයි.

මියගොස් ඇත්තේ කරපිටියේ පීටර් කිරිංගොඩ මාවතේ පදිංචි 103 හැවිරිදි කාන්තාවක් බව වාර්තා වේ.

ඇය සෙනසුරාදා (06) සිය නිවසේදී මියගොස් ඇති අතර, පසුව මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කරපිටිය ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබේ.

පශ්චාත් මරණ පරීක්ෂණයේදී සිදුකරන ලද PCR පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ කාන්තාව COVID-19 ආසාදනය වී ඇති බවයි.

මියගිය කාන්තාවගේ ඥාතීන් හත් දෙනෙකු, 3 හැවිරිදි දරුවෙකු ඇතුළු පිරිසක් ස්වයං නිරෝධායන කර ඇත.

ගාල්ල දිස්ත්‍රික්කයේ COVID-19 හේතුවෙන් සිදුවූ මරණ ගණන 17 දක්වා ඉහළ ගොස් තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්