නවතම පුවත්

“කොවිඩ් එන්නතට බයවෙන්න එපා”- වසංගත රෝග පාලන ඇමතිනී

අසංක

අසංක

කොවිඩි-19 සඳහා භාවිතා කරන එන්නත කිසිඳු අනියත බියකින් තොරව ලබාගන්නා ලෙස සෞඛ්‍ය සේවා, වසංගත හා කොරෝනා රෝග පාලනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

ඇය පෙන්වා දෙන්නේ කොවිඩ් මර්දන වැඩපිළිවෙල සාර්ථකව පවත්වාගෙන යහැකි වන්නේ දැනට එන්නත නියමකර තිබෙන සියලු දෙනා එය භාවිත කිරීමෙන් බවයි.

කොවිඩ්-19 සඳහා භාවිතා කරන (Oxford-Astrazeneca) ඇස්ට්‍රාසෙනෙකා එන්නත සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ පැතිරයන ව්‍යාජ පුවත් හා ඒ හේතුවෙන් එන්නත භාවිතා කිරීමට මහජනතාවගේ අනියත බිය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරිය මේ බව පැවසීය.

මෙම එන්නතේ සැළකිය යුතු අතුරු ආබාධ තත්වයන් හා රෝහල් ගතවීම් මේ වනතෙක් වාර්තා වී නොමැති වාර්තා වී ඇත්තේ ඉතාමත් සුළු මෙන්ම අනෙකුත් සෑම එන්නතකටම පැමිණිය හැකි ආකාරයේ අතුරු ආබාධ සුළු ප්‍රමාණයක් බවත් ඇය කීය.

එමෙන්ම කොවිෂිල්ඩ් එන්නත සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ ගෙනයන දූෂමාන ආරංචි කිසිවකට නොරැවටෙන ලෙස ඇය ඉල්ලීමක් කරයි.

මේ වන විට එන්නත ලබාගෙන ඇති ලක්ෂ දෙකකට අධික ප්‍රමාණයෙන් කිසිවෙකුටවත් සැළකිය යුතු මට්ටමේ අතුරු ආබාධ නොමැති බවත් වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළාය.

කොළඹ දිස්ත්‍රික්කයේ මේවන විට කොවිඩ් එන්නත සාමාන්‍ය ජනතාවට ලබා දීමට කටයුතු යොදා ඇත.

තමන් ප්‍රමුඛතාවය ලබා දුන්නේ අවධානම පදනම් කරගෙන බවත් ඒ අනුව කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික් දෙකෙහි ජනතාවට මෙම එන්නත මුලින්ම ලබාදීමට කටයුතු කරන බවත්,අමාත්‍යවරිය පැවසුවාය.

එමෙන්ම දේශපාලඥයන් නිරන්තරයෙන් ජනතාව සමඟ ගැවසී කටයුතු කරන පිරිසක් බැවින් මෙම පිරිස හරහා සමාජයට සම්ප්‍රේෂණය වීම වැළැක්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ප්‍රමුඛතාවයක් ලබා දුන් බවත් අමාත්‍ය ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්