නවතම පුවත්

ඉන්දියාවට බදු දුන් ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි යලි ශ්‍රී ලංකාවට !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ත්‍රිකුණාමලයේ පිහිටි ඉන්ධන ටැංකි නුදුරු දිනකදීම ශ්‍රී ලංකාව සතුවන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කර සිටි

එම ඉන්ධන ටැංකි නැවත  ලබා ගැනීම සඳහා ඉන්දීය මහ කොමසාරිස්වරයා සමග පැවති සාකච්ජා සාර්ථක වී ඇති බවද  අමාත්‍යවරයා අද දින කොලොන්නාව ප්‍රදේශයේ පැවති උත්සවයකදී පැවසීය .

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය

” ඉන්දීය මහ කොමසාරිස්වරයාට මුලින්ම ස්තුතියි වෙන්න ඕන එතුමා 2017 ගිවිසුමේ තිබු කොන්දේසි අමතක කොට අප විසින් වෘත්තිය සමිත සමග සාකච්ජා කරලා ගත් තීන්දු මත ඉදිරිපත් කරපු කොන්දේසිවලට එකඟව එම ඉන්ධන ටැංකි යලි ශ්‍රී ලංකාවට ලබාදීමට එකඟවීම සම්බන්ධයෙන්.

දෙවන ලෝක යුද්ධයෙන් පසු මෙම ඉන්ධන ටැංකි වලින් කිසිම කාර්යක් සිදුකරන්නේ නැතිව අත්හැරලා තිබ්බා. 2003 වර්ෂයේදී මෙම ඉන්ධන ටැංකි ඉන්දියානු ඔයිල් සමාගමට බදු දෙනු ලැබුවා. නමුත් අපි කියන්න සතුටුයි නුදුරේදීම එම ඉන්ධන ටැංකි ශ්‍රී ලංකාව සතුවෙනවා කියලා.

එම ඉන්ධන ටැංකි මගින් අපිට හැකිවනවා ත්‍රිකුණාමලයට ආසන්නයෙන් ගමන් කරනු ලබන නෞකා වලට ඉන්ධන සැපයීම සිදුකරන්න. මේ සඳහා අපිට ඉන්දියාවේ සහය අත්‍යවශ්‍ය වනවා”

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්