කොවිඩ් එන්නත් ක්‍රියාවලිය , නොවැම්බරයේදී අවසන් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන එළඹෙන නොවැම්බර් මාසයේ දෙවන සතිය වනවිට අවසන් කිරීමට හැකිවනු ඇතැයි සෞඛ්‍ය බලධාරීන් විශ්වාසය පළ කර සිටී .

ඒ සම්බන්ධයෙන් ඖෂධ නිෂ්පාදන, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා මාධ්‍ය වෙත මෙසේ පැවසීය ,

” ෆයිසර් එන්නත හරහා , අපගේ රටට අවශ්‍ අනෙකුත්ය  සියලුම එන්නත් ,මේ වනවිට මෙරටට ලැබී අවසන් .එම  ෆයිසර් එන්නත් ප්‍රමාණයත්  , අප ඇණවුම් කර අවසන් එය ඉදිරි  දින කිහිපය තුල මෙරටට ලැබේවි , තුන්කෝටි පහළොස් ලක්‍ෂයකට අධික එන්නත් ප්‍රමාණයක් දැනට මෙරටට ලැබී තිබෙනවා . , මෙරට  එන්නත් ක්‍රියාවලිය ලොව සාර්ථකම එන්න්නත් ක්‍රියාවලියක් ලෙස සැලකෙනව , ජනාධිපතිවරයාගේ අධීක්ෂණය හා මගපෙන්වීම යටතේ මෙසේ සාර්ථකත්වයක් අත්කර ගන්නට අපට හැකිවුනා .’