නවතම පුවත්

කොවිඩ් එන්නත් ගැන බොරු පැතිරූ සෝෂල් මීඩියා ගිණුම් ඉවතට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර


ප්‍රබෝධා හෙට්ටිආරච්චි

රුසියාවේ සිට ක්‍රියාත්මක වූ කොවිඩ් එන්නත් විරෝධී සාවද්‍ය තොරතුරු ප්‍රචාරණ ව්‍යාපාරවලට සම්බන්ධ බව පවසන ෆේස්බුක් ගිණුම් සිය ගණනක් ඉවත් කර තිබේ.

ෆේස්බුක් සමාගම පැවසුවේ මෙම ගිණුම් ජාලය ඉන්දියාව, ලතින් ඇමරිකාව සහ එක්සත් ජනපදය ඉලක්ක කරගෙන ක්‍රියාත්මක වූ බවයි.

විශේෂයෙන් කොවිඩ් -19 එන්නත පිළිබඳ මහජන විශ්වාසය බිඳ දැමීම සඳහා අසත්‍ය ප්‍රකාශ පතුරුවා හැරීමට බලපෑම් කරන්නන් ඒකරාශී ගැනීමට ඔවුහු උත්සාහ කළ බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

රුසියාව පදනම් කරගත් ඇඩ්නව් නම් සමාගමේ කොටසක් වන ප්‍රකට අලෙවි නියෝජිත ආයතනයක් වන ෆස් වෙතින් සමාජ ජාලය හරහා ෆයිසර් එන්නත හා සම්බන්ධ අවදානම් පිළිබඳ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීමේ සම්බන්ධයක් සොයා ගත් බව ෆේස්බුක් සිය නවතම වාර්තා පවසයි.

ෆේස්බුක් සමාගමට අනුව, බටහිර එන්නත් මර්දනය කිරීමට සමාජ ජාලය යොදාගත් දෙවන උත්සාහය එයයි.

ඔවුන්ගේ පරීක්‍ෂණයෙන් හෙළි වූයේ 2020 නොවැම්බර් සිට එම ජාලය විසින්ම චිම්පන්සීන්ගෙන් ලබා ගත් හානිකර වයිරසයක් භාවිතා කරන බැවින් ඇස්ට්‍රාසෙනෙකා එන්නත භයානක යැයි පෝස්ට්, මීම්ස් ආදිය මගින් ව්‍යාජ ලෙස පැතිරවීමට උත්සාහ කළ බවයි.

ඇස්ට්‍රාසෙනෙකා එන්නත සඳහා හදිසි භාවිතයට අවසර දීම පිළිබඳව ඉන්දීය රජය සාකච්ඡා කරමින් සිටි සමයේම මෙම සටහන් ෆේස්බුක් හි හින්දි භාෂාවෙන් පළ විය.

මෙම ව්‍යාපාරය ව්‍යාජ ගිණුම් භාවිතා කළ අතර ෆේස්බුක් සමාගම පවසන්නේ සමහර ඒවා බංග්ලාදේශයේ සහ පාකිස්තානයේ ගිණුම් සමූහවලින් ලබාගත් ඒවා විය හැකි බවයි.

ෆේස්බුක් ගිණුම් 65 ක් සහ ඉන්ස්ටග්‍රෑම් ගිණුම් 243 ක් ඉවත් කර ඇති බව ෆේස්බුක් සමාගම පවසයි.

පැතුම් වික්‍රමරත්න

මාරාන්තික ඉබෝලා වෛරසය කාණ්ඩයට අයත් “මාබර්ග්” නමැති  නව මාරාන්තික  වෛරස් රෝගයක් මේවනවිට  අප්‍රිකානු ගිනියා රාජ්‍යය ආශ්‍රිතව පැතිරෙමින් ඇති බව  වාර්තා වන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර සිටි.

මෙම මාබර්ග් වෛරසයෙන් මරණයට පත්වීමේ සම්භාවිතාව 88% ක් තරම් ඉහළ අගයක පවතින බවයද ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කර ඇත

පසුගිය අගෝස්තු 02 වනදා රෝගාතුරව මියගිය ගිනියා ජාතික පුද්ගලයෙකුගේ රුධිර සාම්පල වලින් මෙම වෛරසය හමුවූ බවට ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර ඇත .

එම වෛරසයේ  පැතිරීම වැළැක්වීම සඳහා වහා  පියවර ගත යුතු බවද  ලෝක සෞඛ්‍ය සංවිධානයේ අප්‍රිකානු කලාපීය අධ්‍යක්ෂ කාර්යාලය  ප්‍රකාශ කර ඇත .

මෙම වෛරසය කොරෝනා වෛරසය මෙන් වවුලන්ගෙන් සහ වඳුරන් ගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වන වෛරසයක් ලෙස සලකනු ලබන අතර වෛරසය මිනිසාගෙන් මිනිසාට මෙම වෛරසය සම්ප්‍රේෂණය වීමේ හැකියාවක් ඇති බවද  ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර ඇත .

මාබර්ග් රෝග ලක්‍ෂණ ලෙස අධික උණ සහ මාංශ පේශි වේදනාව ප්‍රධාන වන අතර ඇතැම් රෝගීන් ගේඇස් සහ කන් වැනි ශරීර විවරයන් තුළින් රුධිරය ගැලීම සිදුවන බවටද  හඳුනාගෙන ඇත .

මෙම වෛරසය ආසාදනය වීමේ බීජෞෂණ කාලය දින 2 – 21ක් පවතින බවද ලෝක සෞඛ්‍ය   සංවිධානය සඳහන් කර ඇත ..

මෙම නව වෛරසය මතුව ඇත්තේ යළිත් වරක් මතුවූ ඉබෝලා වෛරසයෙන් පිඩා විදි ගිනියා රාජ්‍ය ඉන් නිදහස් බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර මාස දෙකකට පසුව වීමද විශේෂත්වයකි .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්