නවතම පුවත්

මෙවර දළදා පෙරහරත් බැතුමතුන් නැතුව පැවැත්වෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර


පැතුම් වික්‍රමරත්න

මෙවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහර මහජන සහභාගිත්වයකින් තොරව පැවැත්වීමට මල්වතු අස්ගිරි මහනා හිමිවරුන්ගේ උපදෙස් පරිදි තීරණය කළ බව දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පැවසීය.

දළදා මාලිගා පරිශ්‍රයේ පිහිටි බහුකාර්ය ගොඩනැගිල්ලේ දී පැවති පෙරහර කමිටු රැස්වීමේදී දියවඩන නිලමේවරයා ඒ පවසමින් වැඩිදුරටත් මෙසේ පැවසීය .

“ඒ වන විට රටේ පවතින කෝවිඩ් උවදුර හමුවේ මෙවරත් ගියවර මෙන් මහජන සහභාගිත්වයකින් තොරව පෙරහර මංගල්‍ය කිරීමට තීරණය කර තිබෙනවා. මහජන සහභාගිත්වයකින් තොරව එය පැවැත්වූවත් දැඩි සෞඛ්‍ය නීති රීති අනුගමනය කරමින් නිරෝධායන නීති උපරිමයෙන් පිළිපදිමින් පෙරහැර මංගල්‍යය සිදු කිරීමට පියවර ගන්නවා.

පෙරහර මංගල්‍යයට සහභාගී වන කලාකරුවන්ටත් එම නීති රීති දැඩිව ක්‍රියාත්මක වෙනවා. මෙවර පෙරහර මංගල්‍යයේ කුඹල් පෙරහැර පහත් රන්දෝලි පෙරහැර පහත් දහවල් පෙරහරත් ඇතුළු පෙරහැර 11ම රූපවාහිනී නාලිකා ඔස්සේ සජීවීව විකාශනය කිරීමට කටයුතු යොදා තිබෙනවා.

එසේම සමාජ මාධ්‍ය සහ විදෙස් මාධ්‍ය ඔස්සේද සියලු පෙරහැර සජීවීව විකාශනය කිරීමට කටයුතු යොදා තිබෙනවා.”

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්