කොවිඩ් එන්නත් දීම රටපුරා ව්‍යාප්ත කෙරේ

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

මෙරට ජාතික කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩපිළිවෙළ ජූනි 08 වනදා සිට තවත් දිස්ත්‍රික්ක 12ක ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

ඊයේ(2) වනවිට දිස්ත්‍රික් 9ක් පුරා ක්‍රියාත්මක වූ කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන මෙලෙස රට පුරා ව්‍යාප්ත කෙරේ.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන පරිදි එම දිස්ත්‍රික්ක පහත දැක්වේ.

මාතලේ
නුවරඑළිය
කෑගල්ල
ත්‍රිකුණාමලය
හම්බන්තොට
බදුල්ල
අනුරාධපුරය
පුත්තලම
අම්පාර
මඩකලපුව
මොනරාගල
පොළොන්නරුව