නවතම පුවත්

කොරෝනා පාටි දැමූ චන්දිමාල් – පියුමි ඇතුළු පිරිසක් නිරෝධායනයට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දම්පත් රණසිංහ

නිරෝධායන නීති උල්ලංගනය කරමින් රට පුරා සංචරණ සීමා පනවා ඇති මොහොතක රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ උපන් දින සාදයට සහභාගි වීම නිසා අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර ඇති ඔහු සහ මෝස්තර නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි ඇතුළු 13දෙනා නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කර තිබේ.

පසුගිය 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ ෂැංග්‍රිලා හෝටලයේ කාමරයක් තුළ දී චන්දිමාල්  ජයසිංහ මහතා විසින් උපන්දින සාදයක් පවත්වා ඇති අතර ඊට සහභාගි වු තවත් පුද්ගලයින් 07 දෙනෙකු කොටුව පොලීසිය විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබීය.

පසුව එම සිදුවීම සම්බන්ධයෙන් පෙරේදා දින අත්අඩංගුවට ගනු ලැබු පුද්ගලයින් 06 දෙනාද ඇතුළුව  පුද්ගලයින් 13 දෙනෙකු කොළඹ  ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණ.

එහිදි කොටුව පොලීසිය විසින් එම පුද්ගලයින් බන්ධනාගාර ගත කර නිරෝධායනයට යොමු කරන ලෙස ඉල්ලීමක් කළද, තමන්ට ඒ සඳහා බලතල නොමැති බව ප්‍රකාශ කළ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් බණ්ඩාර නෙළුම්දෙනිය මහතා එක් අයෙකුට රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහැරීමට නියම කළේය.

කෙසේ වෙතත් එම පිරිස එක්වර සමාජයට මුදාහරීම උචිත නොවන බැවින් අධිකරණයෙන් ඇප හිමිවු පුද්ගලයින් 13 දෙනා සහ ඇප මත සිටින චන්දිමාල් සහ  පියුමි හන්සමාලි ඇතුළු පිරිස පස්සර නිරෝධායන මධ්‍යස්ථානය කරා යොමුකිරීමට කොටුව පොලීසිය පියවර ගත්තේය.

මේ අතර සාදය සංවිධානය කළ චන්දිමාල් ජයසිංහ පසුගියදා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පිටව යාමේදි ඔහුගේ ජිප් රථය මාර්ග නීති උල්ලංඝනය කරමින් ධාවනය වී තිබීම හේතුවෙන් රථය පැදවු රියදුරු ඊයේ කෙසෙල්වත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගැනුණි.

සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රු 12,500ක ඇප මත මුදාහරිනු ලැබීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්