නවතම පුවත්

කොවිඩ් එන්නත ගත් අය තුළ  ප්‍රතිශක්තිකරණය ඉහළට 

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

 

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාෙසනිකා කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව  ලබාගත් මෙරට  සෞඛ්‍ය අංශ සේවක සේවිකාවන් පිරිසක් යොදාගනිමින් කල පර්යේෂණයකින් අනාවරණය වී ඇත්තේ එම පිරිසෙන්  93%කට ආසන්න සංඛ්‍යාවකගේ ශරීර තුල කොවිඩ් වෛරසයට එරෙහි ඉහල ප්‍රතිශක්තියක් ගොඩනැගී ඇති බවය .

 

මෙම පිරිස් දෙවන එන්නත් මාත්රාවද ලබාගත් පසු වඩාත් ප්‍රබල ප්‍රතිශක්තියක් ඔවුන්ගේ ශරීර  තුල වර්ධනය වනු ඇති බවද ශ්‍රී  ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී   මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය මාධ්‍ය වෙත අද පැවසීය .

 

මෙය සතුටු දායක තත්ත්වයක් වන නමුත් මෙහි සාර්ථක ප්‍රතිඵල නිසි ආකාරයෙන් ලබාගැනීමට නම් තවදුරටත් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීමට ජනතාව පියවර ගත යුතු බවද ඇය අද දින මාධ්‍ය හමුවේ පැවසීය

 

එන්නතේ  පළමු මාත්‍රාව ගැනීම පමණක් ප්‍රමාණවත් නොවන  අතර  ශරිරයන්හි කෝවිඩි වයිරසයට එරෙහිව ප්‍රතිශක්තිය ගොඩනැගීම සම්පූර්ණවීමට නම් එහි දෙවැනි මාත්‍රාව අනිවාර්යෙන්ම ලබා ගත යුතු බව ද ඇය මෙහිදී පැවසුවාය

 

තවදුරටත් මෙරට එන්නත්කරණයේ ප්‍රතිඵල සම්භන්ධව පර්යේෂණ සිදුකරන බවද මහාචාර්යවරිය පැවසුවාය

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්