නවතම පුවත්

ජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ස්ථිරසාරව පෙනී සිටිනවා – චීනය පොරොන්දුවේ

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

බහුපාර්ශ්වික වේදිකාවලදී මුහුණපෑමට සිදුවන අයුක්තිසහගත බලපෑම් හමුවේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ස්ථීර සාර ලෙස පෙනී සිටින බව  චීනය අවධාරණය කර සිටී .

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග  ඊයේ  (29) සවස පැවති  දුරකථන සංවාදයකදී චීන ජනාධිපති ෂී ජින් පිං මහතා මේ බව සඳහන් කර සිටී.

සෑම කේෂ්ත්‍රයකම  අන්‍යොන ප්‍රතිලාභ සහිත ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමක් කොට වර්ධනය කිරීමටද චීන ජනපති මෙහිදී  එකඟත්වය පළ කර ඇත .

ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධනයට දිගටම උදව් කරන බවද චීන ජනපති මෙහිදී පොරොන්දුවී ඇති බව ජනපති මාධ්‍ය අංශය සඳහන් කර ඇත .

Chinese President Xi calls for President Gotabaya Rajapaksa

ජනාධිපති කාර්යාලයේ සිට චීන නායකයා ඇමතූ ජනාධිපති රාජපක්ෂ මහතා නොබෝදා අවසන් වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 46 වැනි සැසිවාරයේ දී ශ්‍රී ලංකාවට දුන් මහඟු සහයෝගය පිළිබඳව ෂී ජිං පින් ජනාධිපතිතුමාට සහ චීන රජයට සිය හෘදයාංගම කෘතඥතාව පළ කර සිට ඇති අතර . කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා හය ලක්ෂයක් ශ්‍රී ලංකාවට ප්‍රධානය කිරීම ගැනද මෙහිදී  ස්තූතිය පුද කර ඇත ..

ළඟදී උදාවන සිංහල දෙමළ අලුත් අවුරුද්දට සුබ පැතුම් පුද කරමින් කථා බහට එක් වූ චීන නායකයා කොවිඩ් 19 ප්‍රභල අභියෝගයක් වූවා සේම චීන ශ්‍රී ලංකා සබඳතා නව අවධියකට ඔසවා තැබීමට එය ඉවහල් වූ බවට සඳහන් කර ඇත ..

“කොළඹ වරාය නගරය සහ හම්බන්තොට වරාය ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනයට දායකවීමට විශාල විභවතාවක් ඇති ව්‍යාපෘති දෙකක් වන බවත් . ඒවා කඩිනමින් නිම වනු දැකීම තම  අපේක්ෂාව.වන බවත් චීන ජනපති මෙහිදී සඳහන් කර ඇත .

වරාය නගරය, විදේශ ආයෝජන ඉඩ ප්‍රස්ථා විශාල ලෙස පුළුල් කිරීමට සමත්වනු ඇති අතර . එය රැකියා විරහිතභාවයටත් විසඳුමක් වන බවද ” චීන ජනාධිපති මෙහිදී සඳහන් කර ඇත..

හම්බන්තොට වරාය සහ සෙසු යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති සතුටුදායක ලෙස ඉදිරියට යමින් තිබෙන බව මෙහිදී  සඳහන් කර ඇති  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ව්‍යාපෘතියේ ඉතිරි වැඩ කඩිනමින් සම්පූර්ණ කරන්නැයි චීන රජයෙන් ඉල්ලා සිට ඇත .

සිය ධූර කාලයේ ඉතිරි සිව් වසර ඇතුළත ශ්‍රී ලංකාවේ සෞභාග්‍යය සහ සමෘද්ධිය උදෙසා කළයුතු දේ කිරීම සිය අපේක්ෂාව බවයි මෙහිදී ජනාධිපතිවරයා සඳහන් කර සිටි අතර  . “දිළිඳුකම තුරන් කිරීම අපේ  ප්‍රධාන පරමාර්ථයක්. ඒ සඳහා අපට චීනය ආදර්ශයට ගන්න පිළිවන්” බවටද   සඳහන් කර ඇත .

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා  චාරිකාවක් සඳහා හැකි ඉක්මණින් චීනයට එනු දැකීමට තමා මහත් කැමැත්තෙන් පසුවන බවද චීන ජනපති මෙහිදී සඳහන් කර ඇත .

 

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි