නවතම පුවත්

කොවිඩ් තාක්ෂණික කමිටුවෙන් 3 වැනියාත් ඉවත් වෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර


පැතුම් වික්‍රමරත්න

කොවිඩ් මර්දන තාක්ෂණ කමිටුවෙන් විශේෂඥයන් හා වෛද්‍යවරුන් 3ක් මේ වනවිට ඉවත්ව ඇතත්,ඔවුන් සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් දායකත්වය දිගටම දක්වන බව ප්‍රාථමික සෞඛ්‍ය සහ කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කර සිටී.

කොවිඩ් මර්දන තාක්ෂණික කමිටුවේ සාමාජික , නිර්වින්දන වෛද්‍ය සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතා සිය ඉල්ලා අස්වීම පිළිබඳව  ඊයේ බළධාරීන්ට දැනුම් දී ඇත.

ඔහු සිය ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් පවසන්නේ වසර එකහමාරක පමණ කාලයක් එම කමිටුව නියෝජනය කළ නමුත් කොවිඩ් වසංගත මර්දනයට අදාලව සැළකිය යුතු සේවයක් සිදු කිරීමට නොහැකි වූ බවයි. තවදුරටත් එම කමිටුවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කිරීමෙන් කිසිදු යහපත් සිදුවේ යැයි නොසිතෙන බැවින් ඉල්ලා අස්වීමට තීරණය කළ බව වෛද්‍යවරයා පවසා ඇත .

මීට පෙර විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාද ඉල්ලා අස්වීමට කටයුතු කළ අතර ඔහු ඊට හේතුව ලෙස සඳහන් කර තිබුණේ කොවිඩ් වසංගත මර්දනය සම්බන්ධයෙන් ගැටලු ගණනාවක් මතුව ඇති බවයි. මේ නිසා ඉදිරියේදී බරපතල තත්වයක් ඇතිවිය හැකි බවත්, එවැනි තත්වයක් ඇති වුවහොත් එහි වගකීම දැරීමට නොහැකි බවත් ඔහු පවසා තිබිණි.

ආනන්ද විජේවික්‍රම මහතාට පෙර මහචාර්ය නීලිකා මලවිගේ මහත්මියද කමිටු සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබිණි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්