නවතම පුවත්

මන්නාරම් ද්‍රෝණියේ තෙල් කැණීම ළඟදීම

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් කැණීම ළඟදීම ආරම්භ කිරීම  සඳහා බලශක්ති අමාත්‍යාංශයීය පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.

ඒ අනුව මන්නාරම ද්‍රෝණියේ ඛනිජ තෙල් කැණීමට අදාළ ඛනිජ තෙල් සම්පත් පනත් කෙටුම්පත ළඟදීම මැති සබයට ඉදිරිපත් කරන බවත් මන්නාරම දෝණියේ සැඟව ඇති ඩො.බිලියන 267 ක් වටිනා තෙල් සහ ගෑස් සම්පත ලබාගැනීමෙන් රටේ සමස්ත ණය ප්‍රමාණය මෙන් තුන්ගුණයක ආදායමක් ඉපයිය හැකි බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මාධ්‍ය වෙත පැවසීය

මෙම තෙල් සහ ගෑස් කැණීම් කරන ආයෝජකයන්ට සියයට 50ක් ලබා දුන්නද ඩොලර් බිලියන 133.5 ක් රජයට හිමිවන බවත් එය රටේ සමස්ත ණය වටිනාකමවන ඩොලර් බිලියන 47 මෙන් තුන් ගුණයකට ආසන්න බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුවට දෙවන වර කියවීම සදහා ඉදිරිපත් කිරීමට නියමිත ඛනිජ තෙල් සම්පත් පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අමාත්‍යවරයා මෙහිදී සාමාජික මන්ත්‍රීවරුන් දැනුවත් කළේය.

ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය පිහිටුවීම සහ ඛනිජතෙල් සම්පත් ගවේශන කටයුතු නියාමනය සහ කළමනාකරණය කිරිම වඩාත් විධිමත් කිරීම සදහා වන මෙම කෙටුම්පත රජයේ ප්‍රමුඛතම කාර්යක් සේ සළකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා සදහන් කළේය.

මන්නාරම් ද්‍රෝණියේ ගෑස්වලින් පමණක් නොරොච්චෝලේ බලාගාරය වසර 120ක් ක්‍රියාත්මක කළ හැකි බවත් එහි ඇති තෙල්වලින් පමණක් සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසර 143 ක් ක්‍රියාත්මක කළ හැකි බවත් ගම්මන්පිල මහතා මෙහිදී පැවසුවේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්