කොවිඩ් තිබ්බත් ගිය මාසයේ සංචාරකයින් 1500ක් ඇවිත්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දම්පත් රණසිංහ

කොවිඩ්- 19 වෛරස ව්‍යාප්තිය හමුවේ පවා මැයි මාසයේ සංචාරකයන් 1500 ක් මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරීය සදහන් කරයි.

චීනය, ජර්මනිය සහ ඇමරිකා එක්සත් ජනපදයෙන් වැඩි පිරිසක් මේ මසායේ මෙරට සංචාරයට පැමිණ ඇති බවද එම අධිකාරියේ සංඛ්‍යා දත්ත අනාවරණය කරයි.

අප්‍රේල් මාසයේ ද මෙරට සංචාරය සදහා විදේශිකයන් 4000 ක් පැමිණ ඇත. මෙම වසරේ මැයි මාසය දක්වා ගෙවී ගිය මාස 05 තුළ මෙරට සංචාරයේ නිරත වූ විදේශිකයන් ගණන 15294 දෙනෙකි.