කොවිඩ් දත්ත, අදත් සංශෝධනය කෙරේ!

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

දින 5ක කාලයක් ප්‍රමාද වී තිබු කොවිඩ් පරීක්ෂණවල ප්‍රතිඵල වාර්තා අද මෙරට සමස්ත කොවිඩ් දත්ත වාර්තාවන්ට එකතුකරන ලදී . ඒ සමග   මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව පුද්ගලයින් 468,899ක් දක්වා අද (07) ඉහළ ගියේය.

ඉකුත් 01වනදා සිට 05 වනදා දක්වා ප්‍රමාද වී තිබු ආසාදිතයින් 2,950 දෙනෙකු එලෙස ආසාදිත ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.

ඒ අනුව මේ වනවිට කොවිඩ් ආසාදිතවී ප්‍රතිකාර ලබමින් පසුවන රෝගීන් සංඛ්‍යාව 72,070 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පැවසීය.