නවතම පුවත්

කොවිඩ් නිසා චීන වාට්ටු පිරේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ යාම හේතුවෙන් චීනයේ රෝහල්වල දැඩි සත්කාර ඒකකවල ධාරිතාව ඉක්මවා ගොස් ඇති බව එරට බලධාරීන් පවසයි.

දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන ආසාදිතයින් වයෝවෘද්ධ පුද්ගලයින් වන අතර ඉන් වැඩි පිරිසක් කොවිඩ් නියුමෝනියා තත්ත්වයේ අවදානම් මට්ටමක පවතින බව චීන බලධාරින් පවසයි.

එමෙන්ම චිනයේ රෝහල්වල සෞඛ්‍ය සේවකයින් ද කොවිඩ් ආසාදනයට ලක්ව ඇති බව සඳහන්ය.

චීන බලධාරින් පවසන්නේ සෞඛ්‍ය සේවකයින් ආසාදිතයින් ලෙස හඳුනාගැනීම සහ ඖෂධ නොමැති වීමේ තත්ත්වය තුළ ලබන ජනවාරි මාසය එරට කොවිඩ් වසංගත ව්‍යාප්තියේ උච්චතම අවස්ථාවට පත්වනු ඇති බවය.

පසුගිය සතියේ එක් දිනකදී පමණක් එරටින් කොවිඩ් ආසාදිතයින් මිලියන 37කට වැඩි පිරිසක් හඳුනාගෙන තිබුණි.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි