නවතම පුවත්

පමානොවී ලංකාවට යන්න – ඩේලි මේල් ලෝකයටම කියයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

යළි ගොඩනැගෙන ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය ගැන ඩේලි මේල් පුවත් සේවය පළකළ දීර්ඝ ලිපියක් වෙත මේ වනවිට ලෝකයේ ම අවධානය යොමුව තිබේ.

එහි දැක්වෙන්නේ මේ මොහොතේ අඩු මුදලකට සංචාරය කිරීමට සුදුසුම රටක් ලෙස ශ්‍රී ලංකාව පෙන්වාදිය හැකි බවය.

එසේම මෙරට සංචාරක ආකර්ෂණය දිනූ කොළඹ, ගාල්ල, හම්බන්තොට සහ යාල පිළිබඳවද එම ලිපිය හරහා සංචාරකයින් වෙත සුවිශේෂී හැඳින්වීමක් සිදුකර ඇත.

මේ අතර අදාළ ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ විවිධ අර්බුද මාධ්‍යයේ කඩා වැටී තිබූ මෙරට සංචාරක ක්ෂේත්‍රයේ සුවිශේෂී පිබිදීමක් මේ වනවිට පෙන්නුම් කරන බවය.

එසේම ශ්‍රී ලංකාවට පැමිණීමේදී කොවිඩ් මර්දන රෙගුලාසි සංචාරකයින් වෙත බලපෑමක් තවදුරටත් එල්ලනොවීමද තවත් විශේෂත්වයක් ලෙස එම ලිපියෙන් පෙන්වා දී තිබේ.

එසේම ආහාර, ප්‍රවාහන සහ නවාතැන් පහසුකම් ලබාගැනීමේදී ගෙවිය යුතු මුදල් පිළිබඳවද එම ලිපිය මගින් මෙරට සංචාරයක නිරතවීමට අපේක්ෂා කරන සංචාරයක් වෙත හැඳින්වීමක් සිදුකර තිබේ.

එසේම එම සුවිශේෂී දීර්ඝ ලිපිය අවසන් කර ඇත්තේ මේ ආකාරයෙනි. “මගේ උපදෙස තවත් ප්‍රමාද නොවී ඉක්මණින් එහි යන ලෙසටය.” (My advice is to get there sooner rather than later.)

21,975,364කට අධික ග්‍රාහක පිරිසක් සිටින ලෝකයේ වඩාත් ජනප්‍රිය ඩේලි මේල් වැනි පුවත් සේවයක් හරහා ලැබුණු මෙම පණිවුඩය ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ හෙට දවසට සුවිශේෂී ආලෝකයක් වනු ඇත.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි