නවතම පුවත්

කොවිඩ් මඬින ශ්‍රී ලංකාවේ ‘එන්නත්කරණය’ ලෝක බලවතුන් පරදයි

Roshan

Roshan


පැතුම් වික්‍රමරත්න

රටේ ජනගහනයෙන් , කොවිඩ් එන්නතකරණයට ලක්වූ පිරිස ප්‍රතිශතාත්මකව සැලකු විට , ශ්‍රී ලංකාව ලොව සාර්ථකම රටවල් අතරට එක්ව ඇති බව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය විසින් නිකුත් කර ඇති නවතම දත්ත වාර්තාවක දැක්වේ . එම විශ්වවිද්‍යාලයේ දත්ත මත ක්‍රියාත්මක වන  ourworldindata වෙබ් අඩවියට අනුව මේ වනවිට මෙරට එන්නත්කරණයට ලක්වූ ජනතාවගේ ප්‍රතිශතය 77 % ලෙස දැක්වෙන අතර ඉන් 65% ක පිරිසක් පූර්ණ එන්නත්කරණයට ලක්වූවන් වේ. සම්පූර්ණ එන්නත්කරණයට ලක්ව නැති එහෙත් එක් එන්නත් මාත්‍රාවක්  හෝ ලබාගෙන ඇති පිරිස ප්‍රතිශතාත්මකව 12% වන බවද එම වාර්තාවේ දැක්වේ.

එම එන්නත්කරණ ප්‍රතිශතයට අනුව ඇමෙරිකාව , ජර්මනිය ඇතුළු  දියුණු රටවල් රැසක් තවමත් ශ්‍රී ලංකාවට පිටුපසින් සිටීම මෙම දත්ත වාර්තාවෙන් පැහැදිලිවන සුවිශේෂී කරුනකි . උදාහරණයක් ලෙස ඊයේ දින වනවිට ඇමෙරිකාවේ මෙම එන්නත්කරන  ප්‍රතිශතය 75% ක් විය , එසේම එරට පූර්ණ එන්නත්කරණයට ලක්ව ඇති ප්‍රතිශතය තවමත් ඇත්තේ 63% ක මට්ටමේය. එසේම , ලෝකයේ එන්නත්කරණ ක්‍රියාවලිය ආරම්භ කල මුල්ම රටවල් අතර සිටි බ්‍රිතාන්‍යයේද ,  එන්නත්කරණයට ලක්වූවන්ගේ ප්‍රතිශතය තවමත් ඇත්තේ 77% මට්ටමේය , එනම් මෙරට ප්‍රතිශතයට සමාන මට්ටමකය .

ශ්‍රී ලංකාවට එන්නත් ලබාදුන් රටවල්  අතර ප්‍රධාන තැනක් ගත් ඉන්දියාවේ එන්නත්කරන ප්‍රතිශතය තවමත් ඇත්තේ 67 % ක මට්ටමකය . එරට  පූර්ණ එන්නත්කරණ ප්‍රතිශතය 67% කි . ලොව , එන්නත්කරණය සාර්ථක ලෙසම ක්‍රියාත්මක කල බවට ජාත්‍යන්තර මාධ්‍යවල පවා බහුලව කතාබහට ලක්වූ ඊශ්‍රායලයේ එන්නත්කරන ප්‍රතිශතය තව පවතින්නේ 72% ක අගයකය . මෙම ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාල දත්තයන්ට අනුව , සමස්තයක් ලෙස ලෝකයේ එන්නත්කරණ ප්‍රතිශතය පවතින්නේ 61% ක් මට්ටමේය . එසේම ලෝකයේ,  සම්පූර්ණ එන්නත්කරණයට ලක්වූවන්ගේ ප්‍රතිශතය 55% කි , ඒ අනුව ශ්‍රී ලකාව ලෝකයේ සාමාන්‍ය එන්නත්කරන ප්‍රතිශතයට වඩා ඉතා ඉහල මට්ටමක පවතින බව පැහැදිලිවම මෙම දත්ත හරහා අනාවරණය වේ .

ලොව ඉහළම එන්නත්කරන ප්‍රතිශතයක් රඳවාගෙන ඇති රටවල් අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඉහලින්ම රැඳෙන අතර එරට එන්නත්කරන ප්‍රතිශතය 99% ක් වේ. දකුණු ආසියාව සලකා බැලු විට ශ්‍රී ලංකාව , එන්නත්කරන ප්‍රතිශතය අතින් ඉහලින්ම සිටින රට බවට පත්ව ඇති අතර පකිස්තානය , බංග්ලාදේශය ඇතුළු සියලුම දකුණු ආසියානු රටවල් ඇත්තේ ශ්‍රී ලංකාවට පිටුපිසිනි. ගෝලීය වශයෙන් කොවිඩ් එන්නත් බිලියන 10.06ක් මේ වනවිට ලබාදී ඇති අතර දිනකට එන්නත් මිලියන 24.29ක් බැගින්  ලබාදෙමින් ඇත . කෙසේ වෙතත් අඩු ආදායම්ලාභී රටවල්වල ජනතාව අතරින් , එක් කොවිඩ් එන්නත් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇත්තේ 10% ක ප්‍රමාණයක් පමණි .

මෙලෙස එන්නත්කරන ප්‍රතිශතය අඩු මට්ටමක පවතින අඩු අදායම්ලාභී රටවල් අතර අප්‍රිකානු රටවල් රැසක් ඇති අතර , විශේෂයෙන් සූඩානය , සෝමාලියාව වැනි රටවල්වල එන්නත්කරන ප්‍රතිශතය 10% මට්ටමටත් අඩුවෙන් පැවතීම කනගාටුවට කරුණකි . කෙසේ වෙතත් , ඊශ්‍රායලය මෙන්ම , මෙම එන්නත් ක්‍රියාවලිය , ඉතා සාර්ථක ලෙස ආරම්භ කල ජර්මනිය , ස්විස්ටර්ලන්තය වැනි රටවල්වල පවා එන්නත්කරන ප්‍රතිශතය මේ වනවිට තරමක් අඩාල වී ඇත . එම රටවල්වල  එන්නත්කරන ප්‍රතිශතයන්ද  පවතින්නේ ශ්‍රී ලංකාවට වඩා අඩු මට්ටමකය . ඒ අනුව මෙරට එන්නත් ක්‍රියාවලියේ අඛණ්ඩ බව හා ක්‍රමවත් බව මනාව පැහැදිලිවේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්