නවතම පුවත්

කොවිඩ් මැද්දේ ශ්‍රී ලංකාවේ නිවාස ඉල්ලුම නගරයෙන් ගමට තල්ලු වෙයි

අසංක

අසංක

ලෝකයේ වේගයෙන් නිවාස මිල ඉහළ යන රටක් වන ශ්‍රී ලංකාවේ නිවාස ඉල්ලුම කොවිඩ් -19 වසංගතය මධ්‍යයේ නගරයේ සිට ග්‍රාමීය ප්‍රදේශ දක්වා මාරු වෙමින් ඇති බවට නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ.

අගනුවර වූ කොළඹ නිවෙස් මිල ඉහළ යාම තරමක් සාධාරණ බවක් පෙනී යන බව වාර්තාවේ සඳහන් ය. එහෙත් එය ග්‍රාමීයව ඉතාම ඉහළ අගයන් පෙන්නුම් කරන බව ද එම සමීක්ෂණයෙන් පෙන්වා දී ඇත.

මේ වසරේ දී රට තුළ නිවාස මිල 15.93% කින් ඉහළ ගොස් තිබෙන බව ගෝලීය දේපළ මාර්ගෝපදේශනයේ නවතම වාර්තාවකින් අනාවරණය වෙයි.

ලංකාවේ නිවාස වෙලඳපොල ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින අතර පසුගිය වසරේ දී මෙරට නිවාස මිල 1.44% පහත වැටී තිබුණි.

එහෙත් ඊට හාත්පසින්ම වෙනස්ව, 2021 පළමු කාර්තුවේදී රට පුරා නිවාස මිල 15.93% කින් ඉහළ ගොස් ඇති අතර, දෙවන කාර්තුවේදී නිවාස මිල ඉහත මිලෙනුත් 2.02% වැඩි වී තිබේ.

දැනට ප්‍රකාශයට පත්වී ඇති බොහෝ ගෝලීය නිවාස සංඛ්‍යාලේඛනවලට අනුව ලෝක නිවාස වෙළඳපොලේ 57 න් 43 කම සැබෑ නිවාස මිල (එනම් උද්ධමනය සඳහා ගැලපුම් කළ මිල) ඉහළ ගොස් තිබේ.

රටවල් 50 ක නිවාස මිල ඉතාම ඉහළ යමින් පවතින අතර එය පහත වැටෙන්නේ රටවල් 7 ක පමණි.

නවසීලන්තය, ශ්‍රී ලංකාව, චීනය, දකුණු කොරියාව, තායිවානය සහ ජපානය යන රටවල කැපී පෙනෙන වෙනස්කම් දක්වමින් ආසියා පැසිෆික් කලාපයේ නිවාස වෙලඳපොලවල් තුළ මිල ඉහළයාම් වේගවත් වෙමින් පවතී.

2021 පළමු කාර්තුව දක්වා කාලය තුළ ගෝලීය නිවාස මිල සමීක්‍ෂණයේ ශක්තිමත්ම නිවාස වෙළඳපොලට ශ්‍රී ලංකාව (+15.93%) ද ඇතුළත් වී තිබේ. එමෙන්ම මොන්ටිනිග්‍රෝ (+28.7%), පුවර්ටෝ රිකෝ (+23.68%), ඊජිප්තුව (+22.61%), නවසීලන්තය (+22.39%) සහ ශ්‍රී උද්ධමනය ගැලපුම් සංඛ්‍යා උපයෝගී කරගනිමින් නිවාස මිල ඉහළ ගොස් තිබුණි.

ගෝලීය දේපළ මාර්ගෝපදේශනයේ ගෝලීය සමීක්‍ෂණයට ඇතුළත් ආසියානු නිවාස වෙළෙඳපොළ 14න් 11ක්ම පෙර වසරට සාපේක්‍ෂව පළමු කාර්තුවෙහි 2021 හි ශක්තිමත් බවක් පෙන්නුම් කර තිබේ.

ශ්‍රී ලංකාව, චීනය, දකුණු කොරියාව, තායිවානය මෙන්ම ජපානයෙහි සැලකිය යුතු ලෙස නිවාස මිල ඉහළ දැමීම් සමඟ සමඟ රටවල් 9 ක නිවාස මිල ඉහළ යාම් පෙන්නුම් කර ඇත.

2018 වර්ෂය තුළදී සබරගමුවේ නිවාස මිල වාර්ෂික වැඩිම වර්‍ධනය ලෙස 40%ක් වාර්තා වූ අතර, මධ්‍යම 27.5%, වයඹ 27.1%, බටහිර හැර කොළඹ 17% සහ දකුණු පළාත 0.3% වාර්තා කර තිබුණි.

2018 වසරේ දී ශ්‍රී ලංකාවේ 2018 ඉඩමක සාමාන්‍ය මිල 15.3% කින් ඉහළ ගොස් තිබුණි. එය පර්චසයක් සඳහා රුපියල් මිලියන 1.36 ක් (ඇමරිකානු ඩොලර් 7,780) දක්වා (පර්චසය 1 අඩි 16.5 ට සමාන වේ). එසේම, එම කාලය තුළ කොළඹ ඉඩම් මිල ද 5.5% කින් ඉහළ ගොස් රුපියල් මිලියන 11.56 දක්වා (ඇමරිකානු ඩොලර් 66,130) වැඩි විය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2020 දී 3.6% කින් පහත වැටීමෙන් පසු මේ වසරේ ආර්ථිකය 4% කින් වර්ධනය වනු ඇතැයි පුරෝකථනය කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්