නවතම පුවත්

පොහොර ගැටලුව නිසා කෝටි 280ක ආදායමක් අහිමිවේවි – පොලොන්නරුව ගොවි සංවිධානය

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

රසායනික පොහොර ගැටළුව නිසා මෙවර මහ කන්නයේදී පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රය ව්‍යාපාරය යටතේ වී වගා නොකළහොත් රජයට රුපියල් කෝටි 280 ක ආදායමක් අහිමි වන බව පොලොන්නරුව ඒකාබද්ධ ගොවි සංවිධානයේ දිස්ත්‍රික් සභාපති ජගත් අරුණ කීර්ති මහතා පවසයි.

පොලොන්නරුව පරාක්‍රම සමුද්‍ර ඒකාබද්ධ ගොවි සංවිධානය කැදවූ මාධ්‍ය සාකච්ඡාවකදි මේ බව අවධානරණය කළේය. පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවි සංවිධාන සභාපතිවරු රැසක් මෙම මාධ්‍ය සාකච්ඡාවට එක්ව සිටියහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය

අපි ආයේ රසායනික පොහොර ඉල්ලලා උද්ඝෝෂණයක කරන්න කොළඹට එන්නෙ නෑ. අපි මෙවර මහ කන්නයේ වි වගා කිරීම වර්ජනය කරන්න තීරණය කළා.

රජය රටින් රතු කුඩු වගයක් ගෙන්වලා. මේ මහපොළොවත්, වී ගොවිතැනත් අමු අමුවේ මරන්න හදනවා.ඒ ගෙන්වන රතු කුඩු මේ පසට,කොතරම් සුදුසුද යන්න කිසිදු පරීක්ෂණයක් කර නැහැ. ඒ නිසා අපි රජයට කියනවා කරුණාකරල මහ කන්නයේ වී වගා කිරීමට රසායනික පොහොර වහාම ලබා දෙන්න කියලා.

කාබනික පොහොරවලින් වී වගා කරන්න කැමතියි කියලා ජාතික ගොවි සම්මේලනය දී ගොවි සභාපතිවරුන් කීප කීපදෙනකු කැමතියි කියලා කෘෂිකෂිකර්ම ඇමතිවරයා මාධ්‍යට ප්‍රකාශයක් කරලා තිබුණා.ඒක අමූලික බොරුවක් කිසිම ගොවි නායකයකු එහෙම ප්‍රකාශයක් කර නැහැ.

පොළොන්නරුවේ ගොවීන් හැටියට අපි ඒකමතිකව තීරණය කළා කාබනික පොහොරවලින් වී වගා කරන්නෙේ නෑ කියලා. අපි රටේම ජනතාව මේ කියන්නේ ඉදිරි කන්නයේදී බත් කන්න ලැබෙන්නේ නැහැ. අපි රජයෙන් ඉල්ලා සිටිනවා මේ රට සාගතයක් කරන්න එපා.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්