කොවිඩ් ආසාදිත රෝගීන්ගෙන් දැඩිසත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන පුද්ගලයන්ගේ සංඛ්‍යාව 28 ක් දක්වා ඉහළ ගොස් ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අනාවරණය කර සිටී ,
කොවිඩ් රෝගීන් සඳහා ප්‍රතිකාර කටයුතු සිදු කරන මධ්‍යස්ථාන ප්‍රමාණය 80 ක් දක්වා වැඩිකර ඇති අතර , එම මධ්‍යස්ථාන 80 තුළ ඇඳන් 11,766 ක් තිබෙන බවත් හේමන්ත හේරත් මහතා මාධ්‍ය වෙත අද පැවසීය ..
නව කොවිඩ් ප්‍රභේදය ආසාදිතයන්ගෙන් බහුතරයක් නිරෝධායන මධ්‍යස්ථාන තුළින් හමු වී ඇති බවත් . ඔවුන්ගෙන් වෙනත් අයට වෛරසය ආසාදනය වීමේ අවදානමක් නොමැති බවත්,මෙහිදී ඒ මහතා පැවසීය කෙසේ නමුත් සාමාන්‍ය සමාජයෙන් හමු වී ඇති නව ප්‍රභේදයේ ආසාදිතයන් සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදු කරන බවත් ඔහු පෙන්වා දෙ.