නවතම පුවත්

රජයේ සේවකයින්ට කොළඹින් නිවාස 400ක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

රජයේ සේවකයින්ට කොළඹ ප්‍රදේශයෙන්  නිල නිවාස 400ක් ලබාදීමට රජය සැලසුම් කර ඇත

මේ වන විට රජයේ සේවකයින් 700ක් පමණ පොරොත්තු ලේඛනගතව නිල නිවාස අපේක්ෂාවෙන් සිටීන අතර . එම කරුණු සැලකිල්ලට ගෙන ප්‍රථම අදියර වශයෙන් එම අක්කර 12ක භූමියේ අක්කර 02ක රජයේ සේවකයින් සඳහා නිල නිවාස 400ක් ඉදි කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට   නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

යෝජිත ව්‍යාපෘතිය යටතේ දැනට නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉදි කෙරෙමින් පවතින මධ්‍යම පාන්තික නිවාස යෝජනා ක්‍රමවලින් නිවාස 100ක් ද රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය වෙත පවරා දෙනු ඇත. ඒ අනුව, ඉතිරි වන අක්කර 10ක භූමි ප්‍රමාණය සංවර්ධනය කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා දෙනු ඇත. යෝජිත පරිදි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්