කොවිඩ් වසංගතය ගැන සෝෂල් මීඩියා ඇතුළේ බොරු පැතිරූ අය හඳුනා ගනී

Picture of අසංක

අසංක

ශ්‍රී ලංකාව ලබන 05 වෙනිදා සිට 15 වෙනිදා දක්වා සම්පූර්ණයෙන්ම වසා දමන බවටත් මුස්ලිම්වරුන් විසින් කොවිඩ් 19 වෛරසය පතුරුවන බවටත් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ව්‍යාජ පුවත් සකස්කර ප්‍රචාරය කර ඇති පුද්ගලියින් කිහිප දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ විමර්ශන අංශය හඳුනාගෙන තිබේ.

මේ වන විටත් ඔවුන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අරඹා ඇත.

එම තැනැත්තන්ගේ සමාජ මාධ්‍ය ජාල ගිණුම් මේ වන විට විශ්ලේෂණය කෙරෙමින් ඇති බවත් අදාල තාක්ෂණික කටයුත්ත අවසන් වූ වහාම නිෂ්චිත ලෙස එම පුද්ගලයින් හදුනාගනිමින් අත්අඩංගුවට ගන්නා බව පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් සදහන් කළේය.