නවතම පුවත්

කොවිඩ් ව්‍යාප්තියට මුහුණදීමට විශේෂ සැලැස්මක්

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොරෝනා  වෛරසයේ නව ප්‍රභේදය වන B117 වෛරස් කාණ්ඩය ශ්‍රී ලංකාව තුළ සිඝ්‍රයෙන් පැතිර යන බවට හදුනාගැනීමත් සමග ඉදිරියේදී ඇතිවිය හැකි තත්වයන්ට මුහුණදීම සදහා අවශ්‍ය කරන පූර්ව සැලසුමක් සකස් කිරීමට   ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යංශය පියවර ගෙන ඇත

කොවිඩ් මර්දනය සදහා දැනට යොදා ඇති ශක්‍යතාව වැඩිකිරීම මූලික අරමුණ කරගෙන මෙම  පූර්ව සැලසුමක් සකස් කරන බව  රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මාධ්‍ය වෙත පැවසීය

නව කොවිඩ් වෛරසය හේතුවෙන් රෝහල්ගත වන රෝගීන්ට ඔක්සිජන් අවශ්‍යතාව ක්‍රම ක්‍රමයෙන් ඉහළ යන බැවින් ඒ සදහා අවශ්‍ය ඔක්සිජන් සංචිතය පවත්වා ගැනීම සදහා කටයුතු කිරීමත්, අදාල සැපයුම් ආයතන සමග සාකච්ඡා කොට හදිසි අවශ්‍යතාවකදී ලබාගත හැකි ඔක්සිජන් ප්‍රමාණයන් පිළිබදවද තක්සේරුවක් සිදුකිරීමටත්  අවධානය යොමුවූ බවද ඇය සඳහන් කළාය

ඉතා අසාධ්‍ය නොවන නමුත් විශේෂ අවධානයක් දියයුතු රෝගීන් සදහා High Dependency Unit (HDUs) ඇතිකිරීම කෙරෙහි අවධානය යොමුවූ අතර ඒ සදහා High Flow machines සවිකිරීම කෙරෙහි ද මෙම සැලසුම යටතේ අවධානය යොමුව ඇත .

රෝගීන්ගේ වාර්තාවීම වැඩිවීමත් සමග රෝහල් පද්ධතියට ඇතිවිය හැකි බර අවම කිරීම සදහා අතරමැදි සත්කාරක සේවා මධ්‍යස්ථාන (Intermediate Care Centers) ඇතිකිරීමට අවශ්‍ය පියවර ගැනීමත් ඒවා සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ඇති කිරීමට මෙන්ම ඇදන් ධාරිතාව 200කට වැඩි මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම කෙරෙහි අවධානය යොමුකිරීමට සාකච්ඡා වූ අතර ඒ සදහා රජයේ සහ පෞද්ගලික ආයතනවල ගොඩනැගිලි ලබාගැනීම කෙරෙහිද  අවධානය යොමුව ඇත .

දැනටමත් ආයතන කිහිපයක ගොඩනැගිලි මේ සදහා ලබාදීමට කැමැත්ත පලකර ඇති බව සදහන් වූ අතර ඒ සදහා අවශ්‍ය ඇදන්, ලොකර්ස් සහ අනෙකුත් අවශ්‍යතා සපයා ගැනීම කෙරෙහිද මෙම සැලසුම යටතේ  අවධානය යොමුව ඇත .

ය.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්