නවතම පුවත්

දේශීය පොල්තෙල්වලත් ඇෆ්ලටොක්සීන් හමුවේ – N-Joy ගබඩාවලට සීල් තබයි

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

N Joy වෙළඳ නාමය යටතේ දේශීය වෙළඳපොලේ අලෙවිය සඳහා තබා ඇති පොල්තෙල්වල ඇ‍ෆ්ලටොක්සීන් පිළිකාකාරකය අඩංගු බව පරීක්ෂණවලින් තහවුරු වී තිබෙ

අදාල සමාගමේ සන්නාමයෙන් වෙළෙදපොලේ ඇති පොල්තෙල් තොග ඉවත් කිරීමටත්, අදාල සමාගමේ නිෂ්පාදනය අත්හිටුවීමටත්, ඔවුන්ගේ ගබඩාවල ඇති පොල්තෙල් සීල් තැබීමටත්, පාරිභෝගික අධිකාරිය මේ වන විටත් කටයුතු කර ඇති බවත් පාරිභෝගික අධිකාරීයේ වර්තමාන පනතට අනුව එම පොල්තෙල් සම්බන්ධයෙන් ගතහැකි උපරිම පියවර මේ වන විට ගෙන ඇති බවත් .සමූපකාර සේවා, අළෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය

ප‍්‍රමිතියෙන් තොර පොල්තෙල් වෙළෙදපොලට නිකුත් කළ බවට චෝදනා එල්ල වී ඇති ප‍්‍රධාන පොළේ පොල්තෙල් සමාගමට එරෙහිව ලබන අඟහරුවාදා (4 වැනිදා* මාලිගාකන්ද අධිකරණයේ නඩු පවරන්නේ යැයි සමූපකාර සේවා, අළෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි

පේරාදෙනිය විශ්වවිද්‍යාල පර්යේෂණාගාරයකදී පළමු පරීක්ෂණය සිදුකර ඇති අතර ඉන් අනතුරුව කාර්මික තාක්ෂණ ආයතනයේ පර්යේෂණාගාරය තුළ තවත් පරීක්ෂණයක් සිදුකර තිබේ. එම පරීක්ෂණ දෙකේදීම අනාවරණය වී තිබෙන්නේ අදාල පොල්තෙල්ව ඇෆ්ලටොක්සීන් අඩංගුව බවයි.

මේ වනවිට N Joy සමාගමට අයත්, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පිහිටි ගබඩා සංකීර්ණයකට මුද්‍රා තබා ඇති අතර වෙළඳපොලට නිකුත් කර ඇති සියලු පොල්තෙල් තොග ආපහු ගෙන්වන ලෙස සමාගමට උපදෙස් ලබා දී තිබෙනවා.

N Joy වෙළඳ නාමය යටතේ අලෙවි කරන පොල්තෙල් ශ්‍රී ලංකාව තුළම නිෂ්පාදනය කරන බවයි මූලික විමර්ශනවලදී හෙළි වී තිබෙන්නේ. මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසි .

මීට පෙර සමාගම් කිහිපයක් විසින් ආනයනය කරන ලද පොල්තෙල් තොගවල ඇෆ්ලටොස්ක්සීන් අඩංගු බව පරීක්ෂණවලදී හෙලි වී තිබිණි. දේශීයව නිෂ්පාදනය කරන පොල්තෙල්වල අදාල පිළිකාකාරකය අඩංගු බවට හඳුනාගෙන තිබෙන්නේ පළමුවරටයි.

DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!