නවතම පුවත්

කොවිඩ් 19 මැඩලීමේ මෙහෙයුමට ගුවන් ගමන් පාලකවරුත්

අසංක

අසංක

කොවිඩ් 19 මැඩලීමේ ජාතික මෙහෙයුමට දායකවෙමින් දිවා රෑ නොබලා රට තුළ සියලු අභ්‍යන්තර ගුවන් ගමන් මෙන්ම මෙරට ට ක්‍රියාත්මක භාණ්ඩ ගුවන් සේවා සහ රටට ඉහළින් පියාසර කරන යානා හැසිරවීමේ කටයුතුවල ගුවන් ගමන් පාලකවරු නිරතව සිටිති.


ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වු ශ්‍රි ලාංකේය බෞද්ධ බැතිමතුන් රැගත් මගී යානයද අද උදෑසන කටුනායක ගුවන් තොටුපළට ළගා වී තිබේ.

මෙම වසංගතය පැතිරීයාමත් සමග ගුවන් ගමන් සීමා කිරීම නිසා, මෙරට ඔස්සේ ක්‍රියාත්මක වු ගුවන් ගමන් පාලක මෙහෙයුම් සියයට 50 කින් පමණ අඩු වී ඇතැයි ගුවන් ගමන් පාලක ආරංචි මාර්ග තහවුරු කරයි.

ඒසේ වුවද ගෙවී ගිය පැය 24 ක කාලය තුළ ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් අසූවකට ආසන්න සංඛ්‍යාවක් මෙහෙයවීමට මෙරට ගුවන් ගමන් පාලකවරුන් කටයුතු කර තිබේ.


ඔස්ට්‍රේලියාව සිට ක්‍රියාත්මක ගුවන් ගමන් තවම සීමා කර නොමැති නිසා රටට ඉහළින් ගමන් කරන බොහෝ ගුවන් යානා ඩුබායි දක්වා පියාසර කරමින් ඇත. රටට ඉහළින් ගමන් කරන සෑම ගුවන් යානාවකින්ම මෙරටට ලැබෙන ආදායම ඇමෙරිකානු ඩොලර් 250 හෝ ඊට ඉහළ අගයක් ගනී.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්